ඒකාබද්ධ විපක්ෂය රනිල්ට කඩේ යනවාද? (VIDEO) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, November 24, 2016

ඒකාබද්ධ විපක්ෂය රනිල්ට කඩේ යනවාද? (VIDEO)

ඒකාබද්ධ විපක්ෂය රනිල්ට කඩේ යනවාද? (VIDEO)

ඒකාබද්ධ විපක්ෂය විසින් සියළු චෝදනා එල්ල කරනු ලබන්නේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට පමණක් බවත්, රනිල් වික්‍රමසිංහ මහතාට කිසිදු චෝදනාවක් එල්ල නොකරන බවත් ඉන් පෙනී යන්නේ ඒකාබද්ධ විපක්ෂය එක්සත් ජාතික පක්ෂයේ අතකොළුවක් බවට පත්වී ඇති බවත් කෝට්ටේ මහනගර සභාවේ හිටපු නගරාධිපති ජනක රණවක මහතා පවසයි.

ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (23) කොළඹ පැවති මාධ්‍ය හමුවකදීය.

එහිදී අදහස් දැක්වූ හිටපු නගරාධිපතිවරයා, "පසුගිය කාලේ ශ්‍රී ලංකාවේ වුණු ලොකුම වංචාව, මහ බැංකුවේ බැඳුම්කර නිකුතුව සම්බන්ධව අපි ආණ්ඩුවේ හිටියත් අපේ මහින්ද අමරවීර ඇමතිතුමා තමයි මුලින්ම අල්ලස් හා දූෂණ විමර්ශන කොමිසමට ගිහින් පැමිණිල්ලක් දැම්මේ. ඒවගේම මධ්‍යම කාරක සභාව ජනාධිපතිවරයාට ලිපියක් භාරදුන්නා මේ අලාභය ඒ පුද්ගලයාගෙන් යළි ලබාගන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් අපි පෙනී හිටිනවා කියලා. නමුත් ඒකාබද්ධ විපක්ෂය මේ බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් නිහඬයි. අපි දැක්කා මෙයාලා ප්‍රවෘත්ති සාකච්ඡාවෙදි කෙලින්ම මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාට ඇඟිල්ල දික්කරලා බනිනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුල හිදිමින් ජනාධිපතිතුමාට බනිනවා. අපි හැබැයි දකින්නේ නෑ අග්‍රාමාත්‍යතුමාට මෙයාලා බනිනවා. අපිට විශාල ගැටළුවක් තියෙනවා ඒකාබද්ධ විපක්ෂය කියන්නේ එක්සත් ජාතික පක්ෂයේ අතකොළුයක්ද කියලා" යනුවෙන් කියාසිටියේය.

පිහිටුවනු ලැබූ නව පක්ෂයේ නාමික සභාපතිවරයා ලෙස ජී.එල්.පීරිස් මහතා කටයුතු කලද එහි ක්‍රියාකාරී සමාජිකයා ලෙස බැසිල් රාජපක්ෂ මහතා කටයුතු කරන බවත් පසුගිය ආණ්ඩුව එතරම් පිරිහීමකට ලක් වූයේ බැසිල් රාජපක්ෂ මහතා නිසා බවත්, එවැනි පුද්ගලයෙකු නව පක්ෂයේ තීරකයා ලෙස කටයුතු කිරීම තුළින්ම එහි අනාගතය පැහැදිලි වන බවත් ඒ මහතා පැවසීය.

නව පක්ෂය නිර්මාණය කිරීමේ අවශ්‍යතාවය ඇත්තේ බැසිල් රාජපක්ෂ මහතාට බවත්, එහි අවශ්‍යතාවය එජාපයට කඩේ යාමක් බවත් ඔහු මෙහිදී වැඩිදුරටත් කියාසිටියේය.

වීඩියෝව පහතින්.

No comments:

Post a Comment

Post Bottom Ad