හෙට හඳ අපට ලංවෙයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, November 13, 2016

හෙට හඳ අපට ලංවෙයි

වසර 68 කට පසුව දීප්තිමත් පුර්ණ චන්ද්‍රයා දැකගැනීමේ අවස්ථාව හෙට උදා වනවා.

ජාත්‍යන්තර අභ්‍යාවකාශ නිරීක්ෂණ මධ්‍යස්ථානය පැවසුවේ පුරපසලොස්වක පොහෝ දිනයක් වන හෙට දිනයේ චන්ද්‍රයා පෘථිවියට වඩාත් ආසන්නව ගමන් කරන නිසා මෙලෙස පුර්ණ චන්ද්‍රයා දැකගත හැකි බවයි.

ශ්‍රී ලංකාවාසීන්ට හෙට රාත්‍රි හතයි තිහේ සිට නවයයි තිහ පමණ දක්වා මෙම චන්ද්‍රයා දැකගත හැකියි. පෘථිවිය වටා භ්‍රමණය වන චන්ද්‍රයා සිය ගමන් මාර්ගයේ ඇතැම් අවස්ථා වලදී පෘථිවියට වඩාත් ආසන්නව ගමන් කරනවා.

එම අවස්තාවේදී සාමාන්‍යයෙන් දැකගත හැකි චන්ද්‍රයාට වඩා ප්‍රමාණයෙන් මෙන්ම දීප්තියෙන් ද වැඩි චන්ද්‍රයෙකු නිරීක්ෂණය කල හැකි වන අතර එම චන්ද්‍රයා හඳුන්වනු ලබන්නේ “සුපර් මූන්” හෙවත් “දීප්තිමත් පුර්ණ චන්ද්‍රයා” ලෙසයි.

මෙලෙස අවසන් වරට එවැනි චන්ද්‍රයෙකු නිරීක්ෂණය කර ඇත්තේ 1948 වසරේදීයි.; මෙහිදී අප සාමාන්‍යෙයන් දකින චන්ද්‍රයාට වඩා 14 ගුණයක විශාලත්වයකින් මෙවර මෙම “දීප්තිමත් පුර්ණ චන්ද්‍රයා” දැකගත හැකිවන අතර එය සාමාන්‍ය දීප්තියට වඩා 30 ගුණයකින් දීප්තිමත් වන බවයි ජාත්‍යන්තර අභ්‍යාවකාශ නිරීක්ෂණ මධ්‍යස්ථාන නිරීක්ෂකයින් සඳහන් කලේ.

No comments:

Post a Comment

Post Bottom Ad