දුමින්ද සිංගප්පූරුවට රැගෙන යන කතාව ගැන දුමින්දගේ සොහොයුරියගෙන් පිළිතුරක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, November 18, 2016

දුමින්ද සිංගප්පූරුවට රැගෙන යන කතාව ගැන දුමින්දගේ සොහොයුරියගෙන් පිළිතුරක්

මරණ දණ්ඩනය නියම වී ඇති හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා ප්‍රතිකාර සඳහා සිංගප්පූරුවට ගෙනයාමට ඔහුගේ පවුලේ උදවිය සැලසුම් කරන බවට වාර්තා වන තොරතුරු අසත්‍ය බව දුමින්ද සිල්වාගේ ෆේස්බුක් ගිණුමට ඔහුගේ සහෝදරිය වන දිලිනි සිල්වා සටහනක් එක්කරමින් සඳහන් කර තිබේ.

එසේම බන්ධනාගාර රෝහලේ සිට ඔහුව ප්‍රතිකාර සඳහා ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ගෙන ආවේ ඔහුගේ හිසට එල්ල වූ වෙඩි ප්‍රහාරයෙන් පසුව ඔහුට ශ්‍රී ලංකාවේ පළමු සැත්කම කළ වෛද්‍ය මහේෂි මහත්මිය ජයවර්ධනපුර රෝහලේ පමණක් සේවය කරන හෙයින් බවද ඇය සිය සටහනෙන් පෙන්වා දී ඇත.

දුමින්ද සිල්වා ප්‍රතිකාර සඳහා සිංගප්පූරුවට ගෙනයෑමට උත්සාහ කරන බවට තොරතුරු වාර්තා කරනේ ජනතාව නොමග යැවීමට බවත් ඇය සිය සටහනින් වැඩිදුරටත් සඳහන් කර ඇත.

"දුමින්ද සිල්වාව සිංගප්පූරුව වෙත රැගෙන යන බවට පලවන වාර්තාවල කිසිදු සත්‍යතාවයක් නැහැ. එය ජනතාව මුලා කිරීම සඳහා පතුරවන බොරු කතාවක්. ශ්‍රී ජයවර්ධනපුර රෝහලෙන් ඔහුට ප්‍රතිකාර කිරීම සඳහා බන්ධනාගාර නිලධාරීන් විසින් රැගෙන ගියත් එහිදී රෝහල් බලධාරීන් එය ප්‍රතික්ෂේප කර තිබෙන්නේ බන්ධනාගාර ගතව සිටින අයට ප්‍රතිකාර කළ නොහැකි පවසමින්. නමුත් හිසට වෙඩි දෙකක් වැදුනු කෙනෙක් විදිහට දුමින්ද සිල්වාට මානුෂීය අයිතියක් තියෙනවා ඔහුගේ රෝගී තත්ත්වයන්ට ප්‍රතිකාර ලබාගන්න."  යැයි ඇය සිය ෆේස්බුක් ගිණුමෙන් පවසයි.


No comments:

Post a Comment

Post Bottom Ad