අධික ලාභ ඉපැයූ පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම හිමි කෝටිපති ව්‍යාපාරික අර්ජුන් ඇලෝසියස් මහතාගේ හිමිකාරීත්වයෙන් ලබන වසර මුලදී නව මාධ්‍ය ජාලයක් ගොඩනගන්නට මේ වනවිට බොහෝ වැඩ කටයුතු සිදු කර අවසන්ය. රුපියල් ලක්ෂයේ සිට මිලියනය දක්වා මාසික වැටුප් ගෙවමින් ලංකාවේ පෙර නොවූ විරූ පහසුකම් සහිත
අලුත් මාධ්‍ය ආයතනයක් මේ
අනුව පිහිටුවා ඇත.
මෙහි දේශපාලනික අරමුණ අගමැති රනිල් වික්‍රමසිංහ ඔසවා තැබීම බවටද වාර්තා පළවිය. ආරම්භ කිරීමට නියමිත මාධ්‍ය ජාලයේ ප්‍රධාන පුවත්පත සඳහා පසුගිය දිනවල ලංකාවේ විවිධ පුවත්පත් වල සේවය කරන පිරිස් ඉහළ වේතන යටතේ බඳවා ගන්නා ලද අතර මව්බිම පුවත්පතේ දිනපතා හා ඉරිදා කතුවරුන් දෙදෙනාද ඒ අතර විය.
මෙම මෙහෙයුම අනුව අද (30) වනවිට මව්බිම පුවත්පතේ සංස්කාරක මණ්ඩලයේ,පිටු සැකසුම් අංශයේ සහ තවත් අංශ වල 21 දෙනෙකු එක්වරම ඉල්ලා අස්වී අලුත් පුවත්පතට ගොස් ඇතැයිද වාර්තා විය. බම්බලපිටිය ප්‍රදේශයේ දැනට ස්ථාපිත කර තිබෙන කාර්යාලය විවිධ මාධ්‍ය ආයතනවල දක්ෂතා ඇති අය මිලට ගෙන රැස් කර තබාගන්නා ස්ථානයක් බවට පත්ව ඇති අතර ඉදිරියේදී කොල්ලුපිටියේ නව ගොඩනැගිල්ලක මෙම ආයතනය පිහිටුවන්නට කටයුතු සූදානම් කර තිබේ.
ලංකාවේ ඉදිරි කාලයේ මාධ්‍ය තුළ පෙරළි කරන්නට සමත් පිරිසක් ඒ අතර සිටින බවටද වාර්තා පළවේ. නව මාධ්‍ය ජාලයට රූපවාහිනී,ගුවන් විදුලි පුවත්පත් හා වෙබ් අඩවි ඇතුළත් බවට ආංරචි පවතින අතර රූපවාහිනී බලපත්‍රය අලුතින් ලබාගන්නවාට වඩා පවතින එකක් මිලට ගෙන වැඩි දියුණු කිරීම පහසු නිසා ඒ සඳහා ස්වර්ණවාහිනිය මිලට ගන්නට සූදානමක් පවතින බවටද ආරංචි පැතිරිණි.
Wednesday, November 30, 2016
මාධ්‍ය ලෝකය සොලවන අර්ජුන්ගේ මාධ්‍ය ජාලය ළඟදීම කරළියට
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment