මහින්දානන්දට එරෙහි නඩුව මාර්තුවට කල්යයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, November 4, 2016

මහින්දානන්දට එරෙහි නඩුව මාර්තුවට කල්යයි

මහින්දානන්දට එරෙහි නඩුව මාර්තුවට කල්යයි
මුදල් විශුද්ධිකරණ පනත යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අළුත්ගමගේ මහතා‍ට එරෙහිව ගොනු කර ඇති නඩුව ලබන වසරේ මාර්තු මස 31 වනදා යළි කැඳවීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

අදාළ නඩුව අද (04) කැඳවූ අවස්ථාවේදී අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දී ඇත්තේ මහින්දානන්ද අළුත්ගමගේ මහතා සම්බන්ධයෙන් පරීක්ෂණ තවදුරටත් සිදුකෙරෙමින් පවතින බවයි.

ඒ සදහා කල් ලබාදෙන ලෙස අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් ඉල්ලීමක් කර ඇති අතර ඒ අනුව ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ කොළඹ අතිරේක මහෙසේත්‍රාත් නිශාන්ත පිරිස් මහතා අදාළ නඩුව මාර්තු මස 31 වනදා යළි කැඳවීමට නියම කර තිබේ.

එදිනට පරීක්ෂණවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දී ඇති බව ද සඳහන්ය.

No comments:

Post a Comment

Post Bottom Ad