අයවැයෙන් පසු ගමට යාගත නොහැකි ඇමති - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, November 16, 2016

අයවැයෙන් පසු ගමට යාගත නොහැකි ඇමති

අයවැයෙන් පසු ගමට යාගත නොහැකි ඇමති

තමන් අයවැයට පෙර ගමට ගියද අයවැයෙන් පසුව ගමට යාමට නොහැකි තත්ත්වයක් උද්ගතවී ඇතැයි වරාය හා නාවික නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම මහතා පවසයි.

නියෝජණ අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (15) ගාල්ලේ පැවති ජන හමුවකදීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මුතුහෙට්ටිගම මහතා,"මේ රටේ  අයවැය රටේ ජනතාව සහන බලාපොරොත්තු වුණු අයවැයක්. පක්ෂ පාට භේදයෙන් තොරව සහන බලාපොරොත්තු වුණු අයවැයක්. මුදල් ඇමතිතුමා පැය හතරක් දේශනා කරලා ලබාදීපු අයවැය අවසන් වුණාම අපි ගමට ආවම ජනතාව කියන්නෙ කෝ සර් මුකුත් නෑ කියලා. මොනවද ලැබුණෙ කියලා අපෙන් අහනවා.

මම කිව්වේ මුදල් ඇමතිතුමා ගෙන්වන්නම් ගමට. එතකොට ඔය ටික එතුමාට කියන්න කියලා. අයවැය හදන්න කලින් ගමට ගියා. නමුත් අයවැයෙන් පස්සෙ ගමට යන්න බැරි තත්ත්වයක් තමයි අපට උදා වෙලා තියෙන්නෙ.

අයවැයෙන් වැඩිකරපුවා බරපතළයි. අඩුකරපුවා එක බඩු මල්ලට රුපියල් 155 යි. වැඩිකරපුවා සාමාන්‍ය රියදුරෙක්ගෙන් රුපියල් 2,500 යි. සියයට, හත්සිය පනහට, දාහට තිබුණු දඩ මුකුත් නෑ.  2,500 ක ඉහළ ප්‍රතිශතයකට ගෙනත් තියෙනවා. මෙයින් දඩ ගෙවාගන්න බැරිව සිරගත වන ප්‍රමාණය වැඩි වේවි. වෙන කිසිම දෙයක් සිද්ධ වෙන්නෙ නෑ.

මේ අයවැයට අපි විරුද්ධ වෙන්නෙ නෑ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තීන්දුව ක්‍රියාත්මක කරන්න අපි ඉන්නෙ. අපෙත් යෝජනා තියෙනවා මේ අයවැය තුළ. මේ අයවැයේ ජනතාවට රිදෙන තැන් ටික සංශෝධනය කරලා දෙන්න කියලා තමයි  මුදල් ඇමතිතුමාගෙන් අපි ඉල්ලන්නෙ." යනුවෙන් පැවසීය.

ගාල්ල -ලලිත් චාමින්ද 

No comments:

Post a Comment

Post Bottom Ad