අමරදේවයන්ගේ ලක්ෂ හතරහමාරක රෝහල් බිල්පත රජයෙන් පියවයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, November 4, 2016

අමරදේවයන්ගේ ලක්ෂ හතරහමාරක රෝහල් බිල්පත රජයෙන් පියවයි

අමරදේවයන්ගේ ලක්ෂ හතරහමාරක රෝහල් බිල්පත රජයෙන් පියවයි

අභාවප්‍රාප්ත පණ්ඩිත් අමරදේව මහතාගේ රෝහල් බිල්පත රජය විසින් දරන බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කලේ ජනාධිපතිවරයා සහ සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් ඊට අදාළ උපදෙස් ඊයේ (03) පස්වරුවේ ජයවර්ධනපුර රෝහලේ බලධාරීන්ට ලබාදුන් බවයි.

ඒ අනුව අමරදේව මහතාගේ ශල්‍යකර්ම සහ වෛද්‍ය ප්‍රතිකාර සඳහා ජයවර්ධනපුර රෝහලට ගෙවිය යුතු මුදල් රජය විසින් ලබාදෙනු ඇත.

ඊයේ (03) අලුයම රෝහලට ඇතුලත්කල අමරදේව මහතා ශල්‍යකර්මයකට භාජනය කල අතර ඒ වෙනුවෙන් රෝහලට රුපියල් 469,000 ක් ගෙවිය යුතුව ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය ප්‍රකාශ කළ අතර එම මුදල පණ්ඩිත් අමරදේව මහතාගේ පවුලේ සාමාජිකයන්ගෙන් අය නොකරන ලෙසට සහ එම මුදල රජය විසින් ගෙවන බවට සෞඛ්‍ය අමාත්‍යවරයා රෝහල් බලධාරීන්ට දැනුම්දී තිබේ.

No comments:

Post a Comment

Post Bottom Ad