අමරදේව අවමගුල් උත්සවයේ මාධ්‍යවේදියෙකු ලෙස පැමිණි සැක කටයුතු තරුණයා පොලිස් අත්අඩංගුවට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, November 8, 2016

අමරදේව අවමගුල් උත්සවයේ මාධ්‍යවේදියෙකු ලෙස පැමිණි සැක කටයුතු තරුණයා පොලිස් අත්අඩංගුවට

අමරදේව අවමගුල් උත්සවයේ
මාධ්‍යවේදියෙකු ලෙස පැමිණි

සැක කටයුතු තරුණයා
පොලිස් අත්අඩංගුවට


ආචාර්ය අමරදේවයන්ගේ අවමංගල්‍ය උත්සවය පැවැත්වූ පසුගිය සෙනසුරාදා නිදහස් චතුරශ‍්‍රයේ මාධ්‍ය කැමරා ශිල්පීන් වෙනුවෙන් විශේෂයෙන් වෙන් කළ මණ්ඩපයක් ඉදිකර තිබුණි.
ඒ සඳහා සියලූම ප‍්‍රධාන පෙළේ මාධ්‍ය කැමරා ශිල්පීන් ඔවුනගේ උපකරණද රැගෙන විත් උත්සවය ආවරණය කරන්නට
සූදානම්ව තිබුනේ උත්සවය ඇරඹෙන්නට පැය භාගයක පමණ පෙර සිටය.
වෙනත් මාධ්‍ය හමු වලදීද මෙම පිරිස් එකතුවන බැවින් ඡායාරූප ශිල්පීන් වැඩිදෙනෙකු එකිනෙකා හඳුනන තත්වයක් තුළ ඔවුන් එකිනෙකා කතාබස් කරමින් තම රාජකාරියද අරඹා තිබියදී උත්සවය ඇරඹී ටික වේලාවකින් අලූත් කැමරා ශිල්පියෙකු එතැනට පැමිණ තිබුණි.

ඡායාරූප

සගයින් කල්පණා කළේ මේ කිසියම් මාධ්‍ය ආයතනයකට අලූතින් ආ කෙනෙකු වියයුතුය කියාය. කිසි කතාබහක් නැති ඔහු වටපිට බලමින් සිය කැමරා බෑගය ඇර උපකරණ එළියට ගත් අයුරුද සගයින් බලා සිටි අතර ඔහු කැමරාව අතට ගෙන වටේ ඡායාරූප ගනිද්දී සැකයක් ඇති විය.

මේ වනවිට සියලූම මාධ්‍යවේදීන් ඩිජිටල් වර්ගයේ කැමරා උපකරණ පාවිච්චි කරන වාතාවරණයක් තුළ මේ කැමරා ශිල්පියා පැරණි දළ සේයාපට දමන කැමරාවක් පාවිච්චි කරන බව සගයන්ට වැටහිණි.
ජනපති අගමැතිද සහභාගීවූ උත්සවයක මොහු මාධ්‍ය මණ්ඩපයට පැමිණි සැකකටයුතු අයෙකු බැවින් වහාම ආරක්ෂකයින් දැනුවත් කරන්නට සගයින් කටයුතු කළ අතර ජනපති ආරක්ෂකයින් පැමිණ මෙම පුද්ගලයා පරීක්ෂා කර මාධ්‍ය හැඳුනුම්පත ඉල්ලද්දී ඔහු සතුව එවැන්නක් නැති බව පෙනී යන ලදි. ඒ අනුව ඔහුව අත්අඩංගුවට ගෙන කුරුඳුවත්ත පොලිසියට භාරදෙන්නට ඔවුන් කටයුතු කළා.

තමා කොටහේන ගුණානන්ද මාවතේ පදිංචි කරුවෙකු බවත් අමරදේවයන්ගේ රසිකයෙකු බවත් කියා සිටි ඔහු මීට ඉහත සංගීත කණ්ඩායමක සේවය කර ඇති බවද පවසා ඇත.
කෙසේ වෙතත් ඔහු මාධ්‍යවේදියෙකු ලෙස සැකකටයුතු ලෙස පෙනී සිටි හේතුව පැහැදිලි නැත. ඔහු ලබාගෙන තිබෙන ඡායාරූප පිළිබඳවද වැඩිදුර පරීක්ෂණ සිදුකරන අතර අධිකරණයට ඉදිරිපත් කරන්නට නියමිතව තිබිණි.

No comments:

Post a Comment

Post Bottom Ad