ගැමුණු බස් වර්ජනයට එරෙහි වෙයි

ගැමුණු බස් වර්ජනයට එරෙහි වෙයි

දෙසැම්බර් මස පළමුවනදා සිට ක්‍රියාත්මක කරන බව පැවසෙන බස් වර්ජනයට තම සංගමය සම්බන්ධ නොවන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසයි.

එම සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා ප්‍රකාශ කළේ එම  දඩ පත්‍රකාවේ දඩ 33ක් ඉවත් කර ගැනීමට තමන්ට හැකි වූ බවත් එහිදී ජනතාව මරණයට පත්කළ හැකි වැරදි 06ක් තිබෙන බවත් එ්වා පදිකයින්ට අනතුරුදායක බවත්ය.

වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා කියාසිටියේ වගකිව යුතු සංවිධානයක් ලෙස ජනතාව මරන්න අවසර ඉල්ලා බස් වර්ජනයකට යාමට තම සංගමයට නොහැකි බවයි.

රජය විසින් ප්‍රධාන රථ වාහන වැරදි 7ක් සඳහා රු.25,000ක් දක්වා දඩ මුදල් ඉහළ නැංවීම හා අවම දඩ මුදල රු.2500ක් කිරීමට එරෙහිව දෙසැම්බර් පළමුවැනිදා දින මධ්‍යම රාත්‍රියේ සිට අඛණ්ඩ වර්ජනයක් දියත් කරන බව අන්තර් පළාත් පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය සහ බස් සංගම් කිහිපයක් පසුගියදා ප්‍රකාශ කළේය.

Share on Google Plus

About විගස පුවත් 24x7

විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments:

Post a Comment