දෙසැම්බර් පළමුවැනිදා සිට කහ ඉරි වෙනස් වෙයි

දෙසැම්බර් පළමුවැනිදා සිට කහ ඉරි වෙනස් වෙයි

මෙරට මාර්ගවල පදික මාරුව සඳහා ඇති 'කහ ඉරි' ලබන දෙසැම්බර් 01 වැනිදා සිට අන්තර්ජාතික වශයෙන් පිළිගත් ක්‍රමවේදයට අනුව සුදු පැහැයෙන් වර්ණ ගැන්වීමට නියමිත බව වාර්තා වේ.

ඒ අනුව, එහි පළමු පියවර ලෙස දෙසැම්බර් 01 වැනිදා කොළඹ මහ නගර සභාවේ රථ වාහන අංශයේ ඉංජිනේරු ඒකකයේ මෙහෙයවීමෙන් බස්නාහිර පළාත් අධ්‍යාපන කාර්යාලය ඉදිරිපිට ඇති කහ ඉර සංකේතාත්මකව සුදු පැහැයට හැරෙනු ඇති බව සඳහන්ය.

ප්‍රවාහන අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරන අන්දමට ඉන් අනතුරුව අදාළ වර්ණ ගැන්වීම් අමාත්‍යාංශයේ හා මාර්ග සංවර්ධන අධිකාරියේ අධීක්ෂණය යටතේ දිවයින පුරා සිදුකෙරේ.



Share on Google Plus

About විගස පුවත් 24x7

විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments:

Post a Comment