සා.පෙළ විභාග අපේක්ෂකයින්ට දැනුම්දීමක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, November 22, 2016

සා.පෙළ විභාග අපේක්ෂකයින්ට දැනුම්දීමක්

සා.පෙළ විභාග අපේක්ෂකයින්ට දැනුම්දීමක්

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ අයඳුම්කරුවන්ගේ ප්‍රවේශ පත්‍ර මේ වන විට තැපැල් කර යවා ඇති බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්.එම්.එන්.ජේ.පුෂ්පකුමාර මහතා ප්‍රකාශ කළේ පාසල් අයඳුම්කරුවන්ගේ ප්‍රවේශ පත්‍ර අදාළ විදුහල්පතිවරුන් වෙතත්, පෞද්ගලික අයදුම්කරුවන්ගේ ප්‍රවේශ පත්‍ර ඔවුන්ගේ පෞද්ගලික ලිපිනයන් වෙතත් තැපැල් කර යවා ඇති බවයි.

ඒ අනුව ලබන 25 වන දින වන විට ප්‍රවේශ පත්‍ර නොලද පෞද්ගලික අයඳුම්කරුවන් වෙතොත් තමන් ඉදිරිපත් කළ අයඳුම්පතේ පිටපතක්, විභාග ගාස්තු ගෙවූ කුවිතාන්සියේ ඡායා පිටපතක්, විභාග දෙපාර්තමේන්තුවේ පාසල් විභාග ශාඛාව වෙත ලියාපදිංචි තැපෑලෙන් යොමුකරන ලෙස විභාග කොමසාරිස්වරයා ඉල්ලීමක් කරයි.

පාසල් අයදුම්කරුවන්ගේ ප්‍රවේශ පත්‍ර ඇතැම් විදුහල්පතිවරුන් විසින් විවිධ කොන්දේසී ඉදිරිපත් කරමින් ලබානොදීමෙන් අයඳුම්කරුවන්ට විවිධ ගැටළුවලට මුහුණදීමට සිදුවන බැවින් ප්‍රවේශ පත්‍ර ලබානොදීමෙන් අයදුම්කරුවන්ට ඇති වන අපහසුතා පිළිබඳ වගකීම විදුහල්පතිවරුන් විසින් බාරගත යුතු බවද එම දෙපාර්තමේන්තුව සඳහන් කර සිටී.

ප්‍රවේශ පත්‍රවල විෂය සංශෝධන, භාෂා මාධ්‍ය සංශෝධන හෝ වෙනත් සංශෝධන සිදුකිරීමට අවශ්‍ය පාසල් අයදුම්කරුවන් තම විදුහල්පතිවරයා මාර්ගයෙන් ද, පෞද්ගලික අයදුම්කරුවන් තමන් විසින් ද මෙම මස 29 වන දිනට පෙර පාසල් විභාග සංවිධාන ශාඛාව වෙත තම ගැටළු ඉදිරිපත් කළ යුතු බව විභාග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් කියාසිටී.

මේ පිළිබඳ ගැටළු පවතින්නේ නම් විභාග  දෙපාර්තමේන්තුවේ ක්ෂණික අංක 1911 හෝ පාසල් විභාග සංවිධාන ශාඛාවේ දුරකථන අංක 011 2 78 42 08 හෝ 011 2 78 45 37 හෝ 011 31 88 350 සහ 011 31 40 314 යන අංක වලට දුරකථන ඇමතුමක් ලබාදීමෙන් තොරතුරු ලබාගත හැකිය.

No comments:

Post a Comment

Post Bottom Ad