ජනපති පුත් දහම් සහ රඛිතගේ බලය ගෙන රාජගිරිය දේශිය වෛද්‍ය විද්‍යලය වනසන වසලයෝ - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, November 29, 2016

ජනපති පුත් දහම් සහ රඛිතගේ බලය ගෙන රාජගිරිය දේශිය වෛද්‍ය විද්‍යලය වනසන වසලයෝ

මෙරට ප‍්‍රශ්න ඇති ආයතන අතර මුලින්ම නමකියවෙ නාමයන් අතර විශ්ව විද්‍යාල පෙරමුණේ සිටියි.පාලකය්න හා සිසුන් අතර ප‍්‍රශ්න නොමැති දවසක් නොමැති තරමිය. බලා ගෙනසිටින අයෙකුට සිතෙන්නේ පාඩුවේ ඉගෙන ගන්නේ නැති සිසුන් මහපාරෙ කැට හොල්ලමින්,සටන් පාඨ කියමින් විරෝධතා දක්වන බවයි.

එහෙත් බොහොමයක් ප‍්‍රශ්න ප‍්‍රශ්න නොවේ. ඇතැමි ගැටඵවලට කිෂණිකව පාලකයින් ප‍්‍රතිචාර දක්වන්නේ එම ගැටඵ ඔඩු දිවිමට මත්තෙන් පිළිතරු ලබාදිය හැකිය.එහෙත් ඇතමි පාලකයින් සිසුන් අතර ගැටුමි නිර්මාණය කරන ස්වරුපයක් දක්නට ලැබේ. ඒ සිය පාලනයේ පහසුවටය.සෑම ආයතනයකම පාලකයින් තමන්ට විරුද්ධව කණ්ඩායමක් සිටිද , එහිදී ඇතිවන ගැටඵවලට මුහුණ දිම සදහා තමන්ට පක්ෂපාත කණ්ඩායමක්ද තබා ගනී.

කොළඹ විශ්ව විද්‍යාලයේ රාජගිරිය පිහිටි දේශිය වෛද්‍ය විද්‍යායාතනයේ ඉහත සදහන් කළ ආකාරයේ ගැටුමක් නිර්මාණය කර ඇත්තේ පාලකයින් බව පැහැදිළිය. ඒ මිට වසර දෙක තුණක සිටය.2012/2013 ශිෂ්‍ය කාණ්ඩායෙමි සිටින සිසුන් දෙපිරිසක් අතර ඇති වී තිබෙන ගැටුමක ප‍්‍රතිඵය අවසානයේ අධිකරණය දක්වා ගොස් ඇත්තේ පරිපාලනයේ පවතින දුරුවල පාලනය නිසාවෙනි.

මෙහි ප‍්‍රදාන චරිතය රග දක්වනු ලබන්නේ කොළඹ හතේ සුඵතර සිසුන් කණ්ඩායමක් හා ගමෙන් පැමිණි බයින්ගෙන් සැදුම් ලත් බහුතර සිසුන පිරිසක් අතරය. එහි අධ්‍යක්ෂනය පාලන අධිකාරියේ ඉහල නිළධාරින් කිහිප දෙනෙකු සිදු කරයි. කොළඹ රාජකීය විද්‍යාලයේ ඉගෙනුම ලබා කොළඹ විශ්වවිද්‍යාලයේ රාජගිරිය පිහිටි දේශිය වෛද්‍ය විද්‍යායාතනට වැඩිදුර අධ්‍යාපනය හැදැරිමට 2012/2013 වර්ෂායේ කණ්ඩායමට විශ්ව දේනෙත්ති සිසුවාද ඇතුල්වෙයි.

ඔහු අනෙක් සිසුනමෙන් නොව නායකත්වය වෙනුවෙන් කැපිපෙනිමට වැඩකිරිමට දක්ෂය.ඊට හේතුව ඔහු අශ‍්‍රය කරන සාමාජය හා ඇසුරුකරන බලවත් පුද්ගලයින් නිසා වෙනි.මේ හේතවෙන් ආයතනයේ ඉහළ පාලනධිකාරියේ ඇතමි ආචාරය්‍යවරුන්ද මෙම ශිෂ්‍යාගේ ඇති බලය නිසා ඔහුට නම්‍යශිලි ගතියක් පෙන්වන බව අනෙකුත් සිසුන් වෝදනා කරයි.

ඊට හේතුව දිශ්ව කියන පරිදි ඔහුගේ හොදම මිතුරන් වන්නේ ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතාගේ පුත් දහමි සිරිසේන හා අධිකරණ හා බුද්ධසාශන ඇමති විජේදාස රාජපක්ෂ මහතාගේ පුත් ආරක්ෂක අමාත්‍යංශයේ මාධ්‍ය ලේකමි රකිත රාජපක්ෂ මහතායි. කෙසේ වෙතත් බල්ලා මල්ලෙන් ළියට පනිනු ලබන්නේ 2015 ජනාධිපතිවරනයේදීය. දිශ්ව සිය කණ්ඩායමේ කිහිපදෙනෙකු නොමග යවමින් මැතිවරණ කටයුතු සදහා රැගෙන ගොස් ඇත.

ඒ සමගම ඔහුගේ සැගවුණු නිය්‍යාය පත‍්‍රය හෙළිවීමත් සමග කණ්ඩායෙමි අනෙකුත් සිසුන් ඔහුව ප‍්‍රතිකෂේප කිරිම ආරමිභ වී තිබේ.මේ අතර කොළඹ විශ්ව විද්‍යාලයේ රාජගිරිය පිහිටි දේශිය වෛද්‍ය විද්‍යායාතනයේ අධ්‍යක්ෂවරයා කාලය ඉක්මව ගිය පසු ඇතිවු පරප්පාඩුවට කිහිප දෙනෙකු අතර සීතල මත ගැටුමක් තිබි ඇත. එම අවස්ථාව ප‍්‍රයෝජනයට ගත දිශ්ව වැඩ බලනඅධ්‍යක්ෂවරියට සහය පල කිරිමට පටන් ගෙන තිබේ.

ඒ අනුව ඔහු සිසුන්ගේ වය්‍යජ අත්සන් යොදා විශ්ව විද්‍යාල ප‍්‍රතිපාදන කොම්ෂන් සභාවට හා අධ්‍යාපන අමාත්‍යංශ්‍යයෙන් ඉල්ලා ඇත්තේ වැඩබලන අධ්‍ය්ෂවරිය සිසුන් සමග සහයොගයෙන් කටයුතු කරන නිසා ඇයව අධ්‍යක්ෂ තනතුරට පත් කරන ලෙසයි. 2015 සැත්තැමිබර් 01 දින දෙවන වසර දේශන ශාලාව තුළ දී මුලින්ම ගැටුම ආරම්භ වී ඇත. බහුතර සිසුන් සමග දිශ්ව දේනෙත්තිගේ මුලිකත්වයෙන් යුත් සුඵතර සිසුන් ගැටුමට මුල් වී තිෙබි. අවසානයෙ සිද්ධිය නතර වුයේ වැලිකඩ පොලිසියේය. 

එම ගැටුම නවකවදය සමිබන්ධයෙන් ඇතිවු ගැටුමක් බව කියෙවි. සිද්ධියත් සමග කොළඹ මහෙස‍්‍රාත් අධිකරණයේ සිසුන් 25කට පමණ නඩු පැවරිණි පහර දීමි,භාණ්ඩ සොරාගැනිම ආදී කරුණුවලට එරේහිව එම නඩු ගොනු කර ඇත්තේ පුද්ගලික පලිගැනිමිවලට බව හෙළි වී තිබේ. ගැටුම සිදුවන දින ම දේශන ශාලාෙවි හා ආයතනය තුළ නොසිටි සිසුන්ට පවා නඩු පවරා ඇති බවද වාර්තා වේ.

කෙසේ වෙතත් කොළඹ විශ්ව විද්‍යාලයේ රාජගිරිය පිහිටි දේශිය වෛද්‍ය විද්‍යායාතනය තුළ උද්ගතව ඇති තත්වය සම්බන්ධයෙන් කොළඹ විශ්ව විද්‍යාලයෙන් හා රාජගිරිය දේශිය වෛද්‍ය විද්‍යායතනයෙන් පරික්ෂණ දෙකක් පවත්වා තිෙබි එම සිද්ධියට මුල්වු කරුනු ,ඉදිරියේදී එවැනි තත්වයන් අවමකර ගැනිමට ගතයුතු කි‍්‍රයාමාර්ග ද එහි සදහන් වේ.

රාජගිරිය පිහිටි දේශිය වෛද්‍ය විද්‍යායාතන සිදුකළ විමර්ශනයට 2016 ජුනි 14 වෙනි ආයතන ශ‍්‍රවණාගාරයේදී රැස්වු සියඵම ආචාර්ය්‍යවරුන්ගේ එකගත්වයෙන් එම කමිටුවට සමාජිකයින් තෝරාගෙන ඇත.ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය්‍ය ආචාර්ය්‍ය එල් පී ඒ කරුණාතිලක මහතාගේ මුලිකත්වයෙන් අචාර්ය්‍ය වරුන් ඇතුඵ 12 දෙනෙකුගෙන් යුත් කම්ටුවක් තොරාගෙන තිබේ.එම කම්ටුව ජුනි 14 සිට සැත්තැම්බර් 14 දක්වා පුරා මාස තුනක් කම්ටුව 16 වරක් රැස්වී අර්බුදයට තුඩු දුන් හා ඊට ගත යුතු විසදුම් සම්බන්දයෙන් තොරතුරු රැස් කර තිබේ.

එහිදී හෙළිවී ඇත්තේද ආයතනය තුල ශිෂ්‍ය කණ්ඩායම් එකිනෙකට විරුද්ධව කටයුතු කරන බවයි.එක් කණ්ඩායමක් බහුතර සිසුන් සිටින අතර අනෙක් කණ්ඩායමේ සිසුන් 15ක පමණ කණ්ඩායමමක් සිටින බවයි.එහෙත් ගැටුමට මුලික වු වැදගත්ම පාර්ශවය වන දිස්ව දෙනෙත්ති, මොහෙමෙඞ් ඉක්බාල් ඉල්මුන් මන්සා,ඉසුරු චින්තක,දිනේෂ් මධුෂංක,ශානක සත්සර. 

භාෂිත ගුණවර්ධන ,හා ශෂිනි බඹරැන්ද සිසුන් කම්ටුව හමුවේ පෙනි සිට නැත.එහෙත් කම්ටුව හමුෙවි පළමු ,දෙවන , තුන්වන , හතරවන වසරවල සිසුන් පැමිණ ප‍්‍රකාශ ගබා දී තිබේ.එහිදී හෙළි වී ඇත්තේ මෙම ගැටුම සදිසියේ පැන නැගනු එකක් නොව සු`ඵතර සිසුන් කණ්ඩායමට පාලන අධිකාරියේන් ලැබෙන අනුග‍්‍රහය නිසා මෙම ගැටුම නිර්මානය වී ඇති බවයි.

තෝරාගත් සිසුන් පිරිසකට පාලන අධිකාරියෙන් විශ්ව විද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂමේ ,දියත උයනේ,හා විහාර මහදේවි උද්‍යානයේ රැස්විම් පවත්වා ඇති බව කම්ටුවට නිරික්ෂණය වී තිබේ. අඩුම තරටම් එම රැස්වීම් සම්බන්ධයෙන් ආචාර්ය්‍ය මණ්ඩලය, ආංශික කම්ටුවත් දැනුවත් කර නොමැත.

මීට අමතරව ආයතනයේ දුරකථන අංක භාවිතා කර සිසුන් කණ්ඩායමක් ආයතනයේ කීර්ති නාමයට හානි වන ආකාරයට අනෙක් පාර්ශවයේ මාපියන්ට ලිපි යවා ඇති බව හෙළි වී ඇතත් ආයතනයේ දුරකථන අංකය භාවිතා කිරිම සම්බන්ධයේන් කිසිදු පියවරක් ගෙන නොමැත.ස්වාදින ශිෂ්‍ය සංගමය නමින් ශිෂ්‍ය සංගමයක් ලෙස කටයුතු කරමින් ඊට නිල භාවයක් ලබා ගැනිම සදහා අධ්‍යක්ෂතුමියගේ හා ආයතනයේ නිළ දුරකථන අංක භාවිතා කරන බව තහවුරු වී තිබේ.

ෙමි අතර ආයතනයේ නේවාසිකාගාරය තුළ නවක වදය සිදුවන බවට පැමිණිළි කර ඇති භාෂිත ගුණවර්ධන හා ශානක සත්සර යන සිසුුන් දෙදෙනා නේවාසිකාගාරයෙවත් ලියාපදිංචි නොවු සිසුන් දෙදෙනෙක් බවත් අඩුම තරමේ ප‍්‍රායෝගික පරික්ෂණ සදහා පැමිණිෙමි ප‍්‍රතිශතයද අඩු සිසුන් දෙදෙනෙකු බව හෙළිවී ඇත.කෙසේ වෙතත් අමානුෂික ලෙස නවක වදය සිදුවන බවට සදහන් වුවද එවැනි දෙයක් සිදුවන බවට කමිටුවට නිරික්ෂණය කර ගැනිමට හැකි වී නොමැත.ඒ සදහා කිසිවෙකු කමිටුව හමුෙවි සාක්ෂි ලබා දී නොමැත.

මෙහි බරපතලම සිදුවීම වු විභාග අක‍්‍රමිකතාවයක් ද හෙළිකර ගැනිමට කමිටුව සමත් වී ඇත.2015 අපේ‍්‍රල් 06 දින පැවති ප‍්‍රශ්න පත‍්‍රයේ අඩංගු බහුවරණ ප‍්‍රශන හා පිළිතුරු දිස්ව දෙනෙත්ති සිසුවාගේ ෆෙස් බුක් ගිනුම හරහා ලබා දී ඇති බව හෙළි කරගැනිමට සමත් වී තිබේ.වාචික පරික්ෂණවලදී සමහර සිසුන්ට ඇතැමි ආචාර්ය්‍යවරුන් අනුග‍්‍රහශිලි ලෙස කටයුතු කරන බවටද කම්ටුවට පැමිණිළි ලැබි ඇත.

මෙම කරුණුවලට මුලික හේතුව වසර තුනක් පුරාවට ශිෂ්‍ය විරෝධි කටයුතු වලට එරෙහිව ආයතනයේ පරිපාලනය විනයානුකූල පියවරක් නොගැනිම නිසා මෙම අර්බුද උග‍්‍ර අතට හැරිඇති බව නිරික්ෂණය කර තිබේ.කෙසේ වෙතත් සුඵතර ශිෂ්‍ය කණ්ඩායමට පහරදිමි, අඩත්තේට්ටමි,හා අපහසුතාවයන් වලට මුහුණ දිමට සිදුවන බව ද හෙළිවී ඇත්තේ ඔවුන් ලිපිමගින් දැක්වු කරුණු වලින්ය.

මේ අතර 2015 සැත්තැමිබර් 01 දින දෙවන වසර දේශන ශාලාවේදී බහුතර සිසුන් සමග දිශ්ව දේනෙත්තිගේ මුලිකත්වයෙන් යුත් සුඵතර සිසුන් ගැටුමකට ඇති වු යේ නවකවදය සිදධියක් බව කියවන සිද්ධියද කොළඔ විශ්ව විද්‍යාලයෙන් සිදු කර ඇති පරික්ෂණයේදී ද කරුණු ඉදිරිපත් කර තිබේ.කොළඹ විශ්ව විද්‍යාලයේ මහාචාර්ය්‍ය කේ ආර් ආර් මහනාම මහතාගේ සභාපතිත්වයෙන් යුත් විශේෂ පිරික්ෂණ කණ්ඩායමක් පැවැත්වු පරික්ෂණයේ වාර්තාව මැයි 02 දින නිකුත් කර තිබේ.

කෙසේ වෙතත් සිද්ධියත් සමග කොළඹ මහෙස‍්‍රාත් අධිකරණයේ සිසුන් 25කට පමණ නඩු පැවරිණි පහර දීමි,භාණ්ඩ සොරාගැනිම ආදී කරුණුවලට එරේහිව එම නඩු ගොනු කර තිබිම නිසා තුන්වන වසර සිසුන් විත්තිකරුවන් ලෙස අධිකරණයේ පෙනිසිටිමට සිදුව තිෙබි.

කෙසේ වෙතත් 2015 සැත්තැම්බර් 01 දින ඇති වු ගැටුෙමිදී මොට අයුධවලින් පහර දිම,වාහනවලට අලහභානි කිරිම,රන්මාලයක් පැහැර ගැනිම,ජංගම දුරකථනයක් පැහැරගත් බවට කර තිබු චෝදනා සම්බන්ධයෙන් ඇසින් දුටු ශිෂයන් පවසා ඇත්තේ එම කරුනු අසත්‍ය බවයි.

මේ අතර විභාගවලට මුහුණ දිම සදහා පැමිණිමේ ප‍්‍රතිශතය සුඵතර ශිෂ්‍ය කණ්ඩායමට ගැටලූවක් නොවන ආකරයට පරිපාලනය විසින් සකස් කර දෙන බවට තොරතුරු හෙළි වී ඇත.සියයට 75ක පැමිණිමේ ප‍්‍රතිශතය එම සුඵතර ශිෂ්‍ය කණ්ඩායමට වලංගු නොමැති බවය බහුතර ශිෂ්‍ය කණ්ඩායම පවසයි.

කෙසේ වෙතත් රාජගිරිය පිහිටි දේශිය වෛද්‍ය විද්‍යායාතනයේ.ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය්‍ය ආචාර්ය්‍ය එල් පී ඒ කරුණාතිලක මහතාගේ මුලිකත්වයෙන් සිදුකළ විමර්ශනය හා කොළඹ විශ්ව විද්‍යාලයේ මහාචාර්ය්‍ය කේ ආර් ආර් මහනාම මහතාගේ සභාපතිත්වයෙන් යුත් විශේෂ පිරික්ෂණ කණ්ඩායමක් පැවැත්වු පරික්ෂණයේ වාර්තාවේන ද කියවෙන්නේ එකම කරුණක් බව පැහැදිලිය. 

එම වාර්තා දෙකම මේ වනවිට රාජගිරිය දේශිය වෛද්‍ය වාද්‍යායාතනයේ පාලන අධිකාරියට ලබා දී ඇතත් එය ඉහළ බලධාරින්ට යොමු කිරිමට කටයුතු කර නොමැත. ඊට හේතුව එසේ එම වාර්තා ඉදිරිපත් කළ හොත් පාලනධිකාරිය රගන හැංගිමුත්තන් හෙළිවන නිසාවෙනි.
විශේෂ ලියුම්කරුවෙකු විසිනි….


උපුටා ගැනීම : ලංකා නිවුස් වෙබ් ටුඩේ

No comments:

Post a Comment

Post Bottom Ad