ධවල මන්දිරයට මෙලනියා සහ බෑනා එක්ක ගිය ට්‍රම්ප් ඔබාමා හමුවෙයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, November 11, 2016

ධවල මන්දිරයට මෙලනියා සහ බෑනා එක්ක ගිය ට්‍රම්ප් ඔබාමා හමුවෙයි


මෙලනියා සහ බෑනා එක්ක ට්‍රම්ප් ඔබාමා හමුවෙයි
මිනිත්තු 10 කට ගිහින් පැය එකහමාරක් කතා කරලා
මෙලනියාට මිචෙල් සෙල්ලම් කරන තැන් පෙන්නලා

නොවැම්බර් 08 වනදා පැවති ඇමරිකානු ජනපතිවරණයෙන් ජයගත් ඩොනල්ඩ් ට්‍රම්ප් ඇමරිකානු සම්ප්‍රදාය අනුව ජනවාරි මස තෙවැනි සතියේදී නව ජනපති ලෙස දිවුරුම් දෙන්නට නියමිතය.

ඒ දක්වා මාස දෙකක පමණ කාලයේ තවදුරටත් ඇමරිකානු ජනපති පදවිය දරන්නේ ඔබාමාය. මෙවර ඩිමොක්‍රටික්  පක්ෂයෙන් රිපබ්ලිකන් පක්ෂයට බල හුවමාරුවක් සිදුවන අතර මේ නිසා රටේ වගකිව යුතු තනතුරු සම්බන්ධයෙන් හා ඉදිරි සැලසුම් සම්බන්ධයෙන්
පැරණි හා නව ජනපතිවරුන්ට කතාබස් කිරීමට දේවල් තිබේ.

ඊයේ ධවල මන්දිරයට ගිය අනාගත ජනපති ට්‍රම්ප් ඔබාමා හමුවී මේ දේවල් කතා කළේ ඔබාමාගේ ආරාධනය අනුවයි. ඇමරිකානු වේලාවෙන් උදේ 10.30 පමණ සිදු කළ හමුවීමට අධීආරක්ෂක කලාප මාර්ගයකින් ට්‍රම්ප් බිරිය හා ට්‍රම්ප්ගේ බෑනා රැගත් මෝටර් රථ ධවල මන්දිරය කරා පැමිණි අවස්ථාවේ සාම්ප්‍රදායික පිළිගැනීම් එම කාර්ය මන්ඩල සිදු කළ නමුත් එම අවස්ථා ඡායාරූප ගැනීම මාධ්‍යෙව්දීන්ට තහනම් කර තිබුණි.



අනතුරුව ධවල මන්දිරයේ ඕවල් කාර්යාලයේදී දෙදෙනා අතර සූදානම් කළ මිනිත්තු 10 රැස්වීමට ට්‍රම්ප්ව කැ‍ඳවා යන ලද අතර මෙලනියා යොමු කළේ මිචෙල් ඔබාමා සිටි සෝපාව වෙතයි.

මැතිවරණ සමයේ හිලරිගේ පක්ෂය වෙනුවෙන් ඔබාමා ට්‍රම්ප්ට එරෙහිව කතා පැවැත්වූ අතර දැඩි විවේචනයන්ද සිදු කර තිබුණි. 

එසේ සිදු කර අවසානයේ කියා සිටියේ තමා වසර 8 ක් තිස්සේ ඇමරිකානේ ගොඩනැගූ සියලු දේවල් ට්‍රම්ප් ආවොත් විනාශ වන බවකි. මේ ආකාර දරුණු ප්‍රකාශයන් සිදු කළත් අවසානයේ ඔබාමාට ජනතා කැමැත්තට හිස නමා ට්‍රම්ප් වෙත බල හුවමාරුව සිදු කරන්නට සිදුවිය.

ඊයේ ඔබාමා ට්‍රම්ප් හමුවේදී පරණ දේවල් අමතක කර එකිනෙකාට අත දෙමින් ඔවුන් සුබපතා ගත්තා. මිනිත්තු 10 කට සැලසුම් කළත් ඔවුන් අතර හමුව මිනිත්තු 90 ක් දක්වා දීර්ඝ වූ බවත් පැවසුණා. එය මාධ්‍ය වෙත නිරාවරණය නොවූ පුද්ගලික හමුවක් විය.හමුවෙන් පසු එළියට යද්දී ට්‍රම්ප් මාධය වෙත ප්‍රකාශ ලබාදෙමින් කියා සිටියේ ඔබාමා ඉතා හො‍ඳින් කතා කළ බව හා වැදගත් අදහස් හුවමාරු කරගත් බවයි.



කෙසේ වෙතත් ඇතැම් ඇමරිකානු වෙබ් අඩවි එම හමුවේදී ට්‍රම්ප් පෙනී සිටි ආකාරය ගැන විවේචන ඉදිරිපත් කළා.  ට්‍රම්ප් අත් තබාගෙන සිටින ආකාරය විනයානුකූල නැති බවත් අනාගත ජනපති ලෙස හැසිරෙන හැටි යම් අමුත්තක් ඇති බවත් වාර්තා කර තිබේ.

මේ අතර මෙලනි හා මිචෙල් හමුවද ඉතා උණුසුම් ලෙස පැවති බව කියැවුණා. ඇය ධවල මන්දිරයේ වෙනස්කම් කළ තැන් පෙන්වමින් ඇය හා පිළිසඳරේ යෙදී තිබේ. ධවල මන්දිරයේ පිහිටීම හා දරුවන්ට සෙල්ලම් ආදී ක්‍රියාකාරකම් සිදුකරන්නට ලබාදෙන තැන් ගැන විස්තර කිරීම මිචෙල්ගේ අරමුණ වූ බවද පැවසුණා.

මෙම ගමනට ට්‍රම්ප් හා බිරිය සමග ගිය තුන්වැන්නා වූයේ ට්‍රම්ප්ගේ බෑනා හෙවත් පළමු විවාහයේ දියණියක වූ ඉවන්කාගේ සැමියා වන ජාරෙඩ් කෘෂ්නර්ය. ඔහු මෙම හමුව අතරවාරයේ ධවල මන්දිරය පුරා සැරිසරමින් එහි එක් එක් කාර්යාල වල ප්‍රධානීන් හා සුහදව කතාබස්හි නිරතවී ඇත. 

ඇමරිකානු මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ ඉදිරියේදී ට්‍රම්ප් ජනපතිවූ පසුව ජාරෙඩ් ධවල මන්දිරයේ පරිපාලන නිලධාරීයා ලෙස පත්කරන්නට නියමිත බවකි. සියලු හමුවීම් වලින් පසුව ට්‍රම්ප් ධවල මන්දිරයෙන් පිටව යද්දී ට්විටර් පණිවිඩයකින්ද ඔබාමාට තුති පුදා තිබුණි.
ඔහු කියා තිබුනේ මෙසේය.

‘A fantastic day in D.C. Met with President Obama for first time. Really good meeting, great chemistry. Melania liked Mrs. O a lot!‘









No comments:

Post a Comment

Post Bottom Ad