හැරී කුමරු ඇමරිකානු නිළියගේ පෙම් පටලැවිල්ල පිළිගනී - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, November 8, 2016

හැරී කුමරු ඇමරිකානු නිළියගේ පෙම් පටලැවිල්ල පිළිගනී


බ්‍රිතාන්‍ය රාජකීය පවුලේ බාලයා වන හැරී කුමරු එක්සත් ජනපද නිළි Meghan Markle සමග ප්‍රේම සම්බන්ධතාවක් අරඹා ඇති බවට පසුගිය සති කිහිපය පුරා පළවූ මාධ්‍ය වාර්තා වලට ප්‍රතිචාර දක්වමින් එම කතාව ඇත්ත යයි පිළිගෙන තිබේ.

කලින් කලට පළවන ප්‍රබන්ධ කතා වලට ප්‍රතිචාර දැක්වීමට රාජකීය

පවුල වෙහෙස ගන්නේ නැති නමුත් කෙන්සිංටන් මන්දීරයේ සිට ප්‍රකාශයක් නිකුත් කරමින්, හැරී කුමරු මේ බව කියා ඇත්තේ ඇගේ ආරක්ෂාව වෙනුවෙනි
වයස අවුරුදු 32 ක් වන හැරී කුමරු දැන් යහළුවී ඇත්තේ ඔහුට වඩා අවුරුදු 3 කින් වැඩිමල් 35 හැවිරිදි සරාගී නිළි මේගන් මාර්කෙල් සමගිනි.

‘සූට්ස්’ නමැති ඇමෙරිකන් රූපවාහිනී කතා මාලාවේ රඟපෑමෙන් ජනප්‍රිය වූ මේගන් හැරී කුමරුව මුල්වරට හමුවී ඇත්තේ ඔවුන් දෙදෙනාගේම යෙහෙළියක මාර්ගයෙනි. ඒ, පසුගිය ජූනි මාසයේදීය. ඉන්පසු ලන්ඩන් නුවරදී ද මොවුන් දෙදෙනා අවස්ථා කිහිපයකදී හමුවුණු බවටද වාර්තා තිබිණි.
කුමරුගේ සන්නිවේදන ලේකම් විසින් නිකුත් කරන ලද නිවේදනයේ දැක්වෙන්නේ: "ඔහුගේ පෙම්වතිය Meghan Markle මේ වනවිට පැපරාසීන්ගේ ග්‍රහණයට ලක්ව හිරිහැර රැල්ලක් භාජනය වී ඇත.
ඇයව නිවසින් එළියට ගන්නට මාධ්‍යවේදීන් දරන අනිසි උත්සාහයන් හා ඇගේ හිටපු පෙම්වතාට අල්ලස් ලබාදී විවිධ ප්‍රකාශ හා අවලාද පැතිරවීම් ගැනද වාර්තා ලැබී තිබේ. ඇගේ ආරක්ෂාව වෙනුවෙන් කටයුතු කරන ලෙස අප බලධාරීන්ගෙන් ඉල්ලා තිබේ. යනුවෙනි.

හැරි කුමරු 2004දී වයස අවුරුදු 20 දී,ලන්ඩන් නයිට් ක්ලබ් ගිය අවස්ථාවක ඡායාරූප හා 2012 දී, ලාස් වේගාස් හෝටල් කාමරයක ඔහු නිරුවතින් කාන්තාවක සමග සිටින ඡායාරුපද ප්‍රසිද්ධ විය.එම පෙම් සබඳතාවයද ඔහු පසුව අත්හැර දමන ලද අතර
මේගන් මාර්කෙල් සමග සම්බන්ධය විවාහයක් දක්වා ගමන් කරනු ඇතිය යන්න බ්‍රිතාන්‍යවාසීන්ගේ පැතුමයි.











No comments:

Post a Comment

Post Bottom Ad