සුපිරි වැඩ්ඩෙකුගේ සැලසුම්වලට කොළඹ ඉදිවන තට්ටු 68 ක ඇලවුණු බිල්ඩින් එකේ වගතුග

මේ දිනවල කොළඹ කොම්පඤ්ඤවීදිය ආසන්නයෙන් ගමන් කරන කෙනෙකුට ඉදිකරමින් පවතින අමුතු හැඩයේ ගොඩනැගිලි දෙකක් දැක ගන්නට ලැබෙනු ඇත.

එක් ගොඩනැගිල්ලක් සෘජුව තිබියදී අනෙක් ගොඩනැගිල්ල එයට හේත්තු කර තිබෙන ඇළවුණ ආකාරයක් දිස්වන මේ නිවාස සංකීර්ණය ලංකාවේ පෙර නොවූ විරූ ඉදිකිරීමකි.

මේ කාලයේ ලෝකයේ අංක එකේ ගෘහ නිර්මාණ සැලසුම්කරුවෙකු ලෙස සැලකෙන ඊශ්‍රායලයේ උපන් මොෂෙ සැෆ්ඩි මෙම ඉදිකිරීමේ නිර්මාණකරුය. සිංගප්පූරුවේ මරියානා බේ සෑන්ඩ්,මිසූරියේ කෆ්මාන් සෙන්ටර් ඇතුළු ඉදිකිරීම් නිර්මාණ රාශියක් ඔහුගේය.

කොම්පඤ්ඤ වීදියේ බේරේ වැවට යාබදව වර්ග අඩි 8000 ක පමණ භූමියක් ආවරණය කරමින් ඉදිවන ‘කලම්බු රෙසිඩන්ෂන් අල්ටයාර්‘ ගොඩනැගිලි ද්විත්වයේ ඇළවුණ ගොඩනැගිල්ල තට්ටු 63 කින්ද සෘජු ගොඩනැගිල්ල තට්ටු 68 කින්ද යුතු වනු ඇත.

ගොඩනැගිල්ල මීටර 240 ක් උස වනු ඇත. මෙහි නිවාස 400 ක් පිහිටුවන්නට සැලසුම් කර ඇත. පිහිනුම් තටාක,ව්‍යායාම අංගන ඇතුළු සියලු නාගරික ජීවන අවශ්‍යතා සපුරන්නට එය යොදා ගැනෙණු ඇත.

ඉදිකිරීම සිදු කරන්නේ ඉන්දියානු සමාගමක ඩුබායි ශාඛාව මගිනි. ඉදිකිරීම අවසන්වන්නට නියමිතව ඇත්තේ ලබන 2017 වසරේය. වාර්තාවන ආකාරයට මෙහි නිවාස රාශියක් දැනටමත් විකිණී අවසන්ය. නිදන කාමර තුනක නිවසක් ලක්ෂ 900 කට ආසන්න මිලකට අලෙවි කර ඇත.

එම ගොඩනැගිල්ලේ විස්තරය දැක්වෙන ඡායාරූප පහතින්...


 




2017 දි වැඩ අවසන් වූ පසු...  


 

Share on Google Plus

About විගස පුවත් 24x7

විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments:

Post a Comment