නව ව්‍යවස්ථාව 2/3 ක පාර්ලිමේන්තු බහුතරයකින් සම්මත කළ පසුව 2017 ජනමත විචාරණයක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, November 21, 2016

නව ව්‍යවස්ථාව 2/3 ක පාර්ලිමේන්තු බහුතරයකින් සම්මත කළ පසුව 2017 ජනමත විචාරණයක්


දැනට සකස් කරමින් පවතින නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව, පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක ඡන්දයෙන් පමණක් නොව ජනමත විචාරණයකින්ද අනුමත කළ යුතු බව අගමැති රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ පක්ෂ නායකයින් තීරණය කර තිබේ.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා

මණ්ඩලය යටතේ පිහිටුවන ලද අනුකාරක සභා හයේ වාර්තා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මෙහෙයුම් කමිටුවේ සභාපති අගමැති රනිල් වික්‍රමසිංහ පෙරේදා (19දා) ඉදිරිපත් කර මින් මේ බව දැනුම් දෙන ලද අතර විපක්ෂ නායක ආර්. සම්බන්දන් ඇතුළු පාර්ලිමේන්තුවේ පක්ෂ නායකයෝද මෙම අදහස අනුමත කළහ‍ෙ
කමිටු වාර්තා ඉදිරිපත් කළ අගමැතිවරයා කියා ඇත්තේ විධායක ජනාධිපති ධුරය පිළිබඳ විකල්ප තුනක් ඉදිරිපත්ව ඇති බවයි. ඒ පිළිබඳව පාර්ලිමේන්තුවේ සහ ජනතාවගේ අදහස් මත සුදුසු විකල්පය තෝරා ගනු ලබන බව අගමැතිවරයා සඳහන් කළේය.
මෙම මෙහෙයුම් කමිටු සහ අනුකාරක සභා වාර්තා, පාර්ලිමේන්තුවේ විවාද කර 2/3 අනුමැතිය ලබාගන්නා බවත් පන්සල්, පල්ලි, දේවස්ථාන, කෝවිල් සහ පාසල් මෙන්ම ජනතාව වෙතද වෙබ් අඩවිය හරහා රැගෙන යෑමට සූදානම් වන බවත් පසුව 2017 වසරේ පවත්වන ජනමත විචාරණයකින් සම්මත කරගෙන නව ව්‍යවස්ථාව එතැන් සිට බලගන්වන බවත් අගමැතිවරයා පවසා ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad