2017 අය වැයට කැබිනට් අනුමැතිය හිමිවේ - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, November 10, 2016

2017 අය වැයට කැබිනට් අනුමැතිය හිමිවේ

2017 අය වැයට කැබිනට් අනුමැතිය හිමිවේ

මේ වනවිට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙන 2017 අයවැය ලේඛනය සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

අද (10) පෙරවරුවේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් විශේෂ අමාත්‍ය මණ්ඩල රැස්වීමක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වුණු අතර එහිදී මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා විසින් මෙවර අයවැය පිළිබඳ අමාත්‍ය මණ්ඩලය දැනුවත් කළ බව පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා සඳහන් කළේය.

ඒ අනුව ඊට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වූ බව අමාත්‍යවරයා කියා සිටියේය.

අයවැය කතාව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා විසින් අද පස්වරු 2.00ට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම ආරම්භ කළේය.

No comments:

Post a Comment

Post Bottom Ad