රජයේ සේවකයින්ට කැමති වෙලාවක ඇවිත් පැය 08ක් වැඩකර යන්න අවසර…

කොළඹ නගරයේ සහ තදාසන්න ප්‍රදේශවල මාර්ග තදබදය අවම කිරීමේ පියවරක් ලෙස රජයේ සේවකයන්ට නම්‍යශීලී කාර්යාල වේලාවන් හඳුන්වා දීමට රජය සැළසුම් කර ඇති බව මහා නගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය පවසා තිබේ.

ඒ අනුව රජයේ සේවකයන්ට උදෑසන 07 සිට 10 දක්වා කාලය ඇතුළත සේවයට පැමිණ පැය අටක සේවා මුරයක් නිම කර පස්වරු 03 සිට 06 දක්වා නික්ම යා හැකිය. මහා නගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය ඒ සම්බන්ධයෙන් පෞද්ගලික අංශය සමඟ ද සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව සදහන් වේ.


ලබන ජනවාරි මාසයේ සිට අත්හදාබැලීමේ පියවරක් ලෙස රජයේ කාර්යාල විශාල සංඛ්‍යාවක් ඇති බත්තරමුල්ල කේන්ද්‍ර‍ කරගනිමින් මෙය ක්‍රියාත්මක කිරීමට නියමිත බවද වාර්තා වේ.


Share on Google Plus

About විගස පුවත් 24x7

විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments:

Post a Comment