වැට් බද්දෙන් නිදහස්වන භාණ්ඩ හා සේවා මෙන්න - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, October 27, 2016

වැට් බද්දෙන් නිදහස්වන භාණ්ඩ හා සේවා මෙන්න

වැට් බද්දෙන් නිදහස්වන භාණ්ඩ හා සේවා මෙන්න

භාණ්ඩ සහ සේවා 81 ක් වැට් බද්දෙන් නිදහස් කර ඇති බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.

ඊයේ (26) වැට් බදු සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ පැවති විවාදයට එක්වෙමින් අමාත්‍යවරයා මේ ප්‍රකාශ කළේය.

සහල්, සීනි, තිරිගු පිටි, පරිප්පු, කරවල, ටින්මාලු, උම්බලකඩ, පාන්, දියර කිරි, තේ, රබර්, පොල්, පොල්තෙල්, පොල් කිරි, බිත්තර, ඉස්සෝ, පළතුරු, එළවලු, හාල්මැස්සෝ, රතු ළුණු, අල, සුදු ළුණු, බී ළුණු, මුංඇට, මිරිස්, කව්පි, කඩල, උදු, කොත්තමල්ලි, රටකජු, පොහොර, ඖෂධ, ආයුර්වේද, ගමනාගමන සේවා, ඩීසල්, භූමිතෙල්, පෙට්‍රල්, නිෂ්පාදන බදු අදාළ වන වාහන, ගුවන් යානා තෙල්, බවුසර්, කෘෂි බීජ, කෘෂි යන්ත්‍ර, ධීවර උපකරණ, ඉදිකිරීම් උපකරණ, විදුලිය, විදුලිය ආරක්ෂා කරන විදුලි බුබුළු, සූර්ය බලය, අධ්‍යාපන සේවා, පුස්තකාල සේවා, පරිගණක සහ උපාංග, පරිගණක මෘදුකාංග, මුද්‍රිත පොත්, ක්‍රීඩා උපකරණ, ජීවිත රක්ෂණ, ජංගම දුරකතන, මැණික්, මුතු, දියමන්ති, රත්‍රං, ප්ලැටිනම්, නිවාස ඉඩපහසුකම් සැපයීම සහ විකිණීම, කුලී,බදු ආදිය ඒ අතර වේ.

එමෙන්ම රටේ සංවර්ධනයට දායක වන කුඩා ව්‍යාපාර ද වැට් බද්දෙන් නිදහස් කර ඇතැයි ද ඔවුන් වැට් ගෙවූ පුද්ගලයන් ලෙස සළකන බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

වැට් බද්ද 11% සිට 15% දක්වා වැඩිකිරීම තුළින් සාමාන්‍ය ජනතාවගේ ජීවන වියදමට බලපෑමක් සිදුනොවන බවද වැට් බද්ද ඉහළ දමනුයේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ වුවමනාවට හෝ වෙනත් අයෙකුගේ උවමනාවට නොවන බවද පැවසූ අමාත්‍යවරයා වැට් බදු වැඩි කළේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ කාලයේ සිදු කළ නාස්තිකාර වියදම් හේතුවෙන් රට තුළ ඇති වූ ණය බර පියවීමට හා තරුණ තරුණියන්ට හෙට දිනයේ සුරක්ෂිත ජාතික ආර්ථිකයක පදනම දැමීමට බවත් පැවසීය.

වැට් බද්ද වැඩිකිරීම මඟින් මෙම වසරේ දී රුපියල් කෝටි 180 ක් ඉපැයීමට අපේක්ෂා කරන අතර වැට් ගෙවන්නන්ගේ සංඛ්‍යාව සියයට දෙසීයකින් වැඩිකිරීමට අපේක්ෂා කරන බව ද ඔහු සඳහන් කළේය. 

වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා කියාසිටියේ මෙම භාණ්ඩ හා සේවා සම්බන්ධයෙන් ලැබෙන පැමිණිළි මත දැඩි නීති රීති ක්‍රියාත්මක කිරීමට පාරිභෝගික සේවා අධිකාරියට දන්වා ඇති බවයි.

No comments:

Post a Comment

Post Bottom Ad