'රට බෙදන්න හදන හතරදෙනෙක් ගැන මම දන්නවා' - හේමකුමාර - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, August 26, 2016

'රට බෙදන්න හදන හතරදෙනෙක් ගැන මම දන්නවා' - හේමකුමාර

'රට බෙදන්න හදන හතරදෙනෙක් ගැන මම දන්නවා' - හේමකුමාර

රට බෙදීමට කටයුතු කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 04 දෙනෙකු සිටින බව මව්බිම ජනතා පක්ෂයේ නායක, දකුණු පළාත් ආණ්ඩුකාර හේමකුමාර නානායක්කාර මහතා ප්‍රකාශ කරයි.

ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ අද (26) කොළඹ මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේ පැවති එම පක්ෂයේ පක්ෂ සමුළුව අමතමිනි.

එම මන්ත්‍රීවරුන් ජාත්‍යන්තර සංවිධාන සමග එක්ව රට බෙදීමට කටයුතු කරන බවත් ඉදිරියේදී නම් ගම් සහිතව ඔවුන් ගැන තොරතුරු හෙළි කිරීමට තමන් සුදානම් බවත් හේමකුමාර මහතා මෙහිදී කියාසිටියේය.

කිසිදා එක්නොවන පක්ෂ දෙකක් එක්ව මේ වන විට රට ගොඩනඟමින් සිටින බවත් එසේ තිබියදී ඇතැමුන් මෙම රජය කැඩීමට උත්සාහ කරන බවත් ඒ මහතා එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසීය.

තමන් කිසිවිටක ෆෙඩරල් ක්‍රමයකට සහය පළ නොකරන බව කියාසිටි හේමකුමාර මහතා රණවිරුවන් ත්‍රස්තවාදීන්ගෙන් බේරාගත් රට රැක ගත යුතු බවත් උතුරේ කඳවුරු ඉවත් කිරීමේදී ඒ ගැන වඩාත් අවධානය යොමුකළ යුතු බවත් ප්‍රකාශ කළේය.

No comments:

Post a Comment

Post Bottom Ad