“ඔය ඔක්කොම මගේ විරුද්ධ වාදින්” කාදිනල් තුමාට සිරිසේන දුරකතනයෙන් තරවටු කරලා - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, July 27, 2016

“ඔය ඔක්කොම මගේ විරුද්ධ වාදින්” කාදිනල් තුමාට සිරිසේන දුරකතනයෙන් තරවටු කරලා

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දුරකතනය ඔස්සේ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ට කල ප්‍රකාශයක් හේතුවෙන් උන්වහන්සේ දැඩි ලෙස කලකිරිමට ලක්ව සිටින බව අගරදගුරු නිළ නිවසේ විශේෂ ප්‍රකාශකයෙකු අප විශේෂ වාර්තාකරු සමග පවසා තිබේ.

බුදු දහමට හිමි තැන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන් තහවුරු වී තිබිය යුතු බවත් අන්‍යාගමික රාජ්‍ය සංකල්පය පිළිගත නොහැකි බවත් බටහිරින් පැමිණි මානව හිමිකම් නැමැති සංකල්පයට ශ‍්‍රී ලංකාවේ සංස්කෘතික උරුමය යටපත් කිරීමට ඉඩදිය නොහැකි බවටත් අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පසුගියදා කල ප්‍රකාශය සම්බන්ධයෙන් විමසමින් ඇමතුමක් ලබාදි ඇති ජනපති පවසා ඇත්තේ අදාළ වැඩසටහන සංවිධානය කල හා එම ස්ථානයට පැමිණී සංඝා වහන්සේලා තමන්ගේ විරුද්ධවාදින් බවයි.

මොරගහකන්ද ජලාශයේ වැඩසටහනට මහා සංඝරත්නය ඇතුලු අගරදගුරු තුමන්ටද ජනාධිපතිවරයා ආරාධනා කර තිබු අතර එම අවස්ථාවට එක්විම සදහා පැමිණිමට හෙලිකොප්ටරද ජනාධිපතිවරයාගේ නියෝග මත යොදවා තිබේ.නමුත් අගරදගුරු තුමන් අස්ගිරි පාර්ශවයේ නව මහනායක අතිපූජ්‍ය වරකාගොඩ ශ‍්‍රී ඥානරතන හිමියන් ඇතුලු ආරාධනා ලැබු මහා සංඝයා වහන්සේලා කොළඹ සම්බෝධි විහාරයේ බෞද්ධයා නාලිකාවේ පැවති උත්සවයට සහභාගි වි තිබේ.

ආගමට හිමි විය යුතු තැන අහිමි වී වැනසී යන සමයක බුද්ධාගමට හිමි විය යුතු තැන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සහතික විය යුතු බවත් අනාගමික රාජ්‍ය සංකල්පය අප පිළිගන්නේ නැති බවටත් අගරදගුරු තුමන් කල ප්‍රකාශය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා දුරකතනය ඔස්සේ අදහස් දක්වමින් පවසා ඇත්තේ ..”ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් අනාගමික රාජ්‍ය සංකල්පයක් ඉදිරිපත් කර නැති බවයි… ”

එම ප්‍රකාශයට පිළිතුරු දෙමින් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසා ඇත්තේ තමා සතුව නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා නිර්දේශ ඇතුලත් පිටපතක් ඇති බවත් එම පිටපතට අනුව අන්‍යාගමික සංකල්පය පිළිගෙන ඇති බවද පවසා තිබේ. ඒ සමගම සිරිසේන ජනාධිපතිවරයා අනෙක් පසින් පිළිතුරු දෙමින් පවසා ඇත්තේ..”ඔය..මහනායකයෝ ඔක්කොම එකයි….ඔය ඔක්කොම මගේ විරුද්ධ වාදින් ” යනුවෙන් පවසා දුරකතනය විසන්ධි කර තිබේ.

No comments:

Post a Comment

Post Bottom Ad