අරණායක අවතැන්වූවන් යළිත් අසරණ වෙයි? (VIDEO) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, June 14, 2016

අරණායක අවතැන්වූවන් යළිත් අසරණ වෙයි? (VIDEO)

අරණායක අවතැන්වූවන් යළිත් අසරණ වෙයි? (VIDEO)
අරණායක, සාමසර කන්ද සහ ඒ අවට ප්‍රදේශවල නායයාම හේතුවෙන් අවතැන් වූ ජනතාව උස්සාපිටිය ශ්‍රී සුමංගල මහා විද්‍යාලයේ රඳවා තැබීම නිසා තම දරුවන්ගේ අධ්‍යාපන කටයුතු මාසයකට ආසන්න කාලයක් පුරාවට ඇණහිට ඇති බවට චෝදනා කරමින් මව්පියන් පිරිසක් ඊයේ මාවනැල්ල - අරණායක මාර්ගය අවහිර කරමින් (13) උද්ඝෝෂණයක නිරත විය.

මේ වනවිටත් අරණායක නායයාමෙන් පදිංචිව සිටි නිවාස අහිමි වූ පුද්ගලයින් 709දෙනෙකු රැඳී සිටින්නේ උස්සාපිටිය ශ්‍රී සුමංගල මහා විද්‍යාලයේ ය. එම පාසලෙහි ඉගෙනුම ලබන සිසුන්ගේ දෙමව්පියන් චෝදනා කරන්නේ වෙනත් පාසල්වල අධ්‍යයන කටයුතු මේ වනවිට ආරම්භ කර ඇති බවත් තවමත් තම ළමුන්ට අධ්‍යාපන කටයුතු සඳහා ඉඩප්‍රස්ථා නොලැබී ඇති බවත් ය.

උද්ඝෝෂණය හේතුවෙන් ඊයේ දිනයේ දී මාවනැල්ල - අරණායක ප්‍රධාන මාර්ගයේ ගමනාගමනයට පැය කිහිපයක් ප්‍රරාවට බාධා සිදුව තිබේ.
උද්ඝෝෂකයින්ගේ විරෝධතාවය සම්බන්ධව අදහස් දැක්වූ විපතටපත් ජනතාව කියාසිටියේ “ අපි දැන් මැරෙන්න හරි එතනට යන්න කැමතියි. මොකද අපිට තවත් මේ අපහාසය විඳින්න බැහැ. දෙමව්පියෝ ඇවිල්ලා අපි අනාථයෝ කියනවා. 

අපි අනාථයෝ නෙමෙයි. අපිට ඉන්න තැන තමයි නැතිවුණේ. ඒක නිසා අපිට ඉන්න තැනක් ලබලා දෙන්න. “ ලෙසයි. කෙසේවෙතත් කෑගල්ල සහකාර දිස්ත්‍රික් ලේකම් අනුර සමන් මහතා සහ අරණායක ප්‍රාදේශීය ලේකම් ඉසඩ්. ඒ. එම් ෆයිසාල් මහතා එහිදී උද්ඝෝෂකයින්ට පොරොන්දු වූයේ ලබන සඳුදා දින සිට පාසල යළි විවෘත කිරීමට අවශ්‍ය කටයුතු සලසා දෙන බවයි.

වීඩියෝව පහතින්....

No comments:

Post a Comment

Post Bottom Ad