ජනපති කොකේන් පිරික්සීමට යයි (PHOTOS) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, June 14, 2016

ජනපති කොකේන් පිරික්සීමට යයි (PHOTOS)

ජනපති කොකේන් පිරික්සීමට යයි (PHOTOS)
අද (14) දින ඔරුගොඩවත්ත රේගු පර්යන්තයේ තිබී සොයාගත් කොකේන් මත්ද්‍රව්‍ය කිලෝ ග‍්‍රෑම් 91 ක් සහිත කන්ටේනරය ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ නිරීක්ෂණයට ද ලක්ව තිබේ. 

බ‍්‍රසීලයෙන් ගෙන්වූ සීනි තොගයක් අතර සඟවා තිබිය දී මෙම කොකේන් කිලෝ ග‍්‍රෑම් 91 අද සොයා ගනු ලැබුවේ රේගු මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව සිදු කළ පරීක්ෂාවකදී ය.

වාර්තා වන අන්දමට ඒවායේ වටිනාකම රුපියල් බිලියනයකට අධික ය. ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන්කළේ අදාළ කන්ටේනරය නිරීක්ෂණය කළ ජනාධිපතිවරයා ඒ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ සඳහා විශේෂ පරීක්ෂණ කණ්ඩායම් යොමු කිරීමට උපදෙස් දුන් බවයි.

ඡායාරූප පහතින්...
_N7A6284 
_N7A6287
_N7A6308
_N7A6319
_N7A6324

No comments:

Post a Comment

Post Bottom Ad