ලෝකේෂ් රාහුල් ඉතිහාස පොතට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, June 12, 2016

ලෝකේෂ් රාහුල් ඉතිහාස පොතට

ඉන්දීය එක්දින කි‍්‍රකට් ඉතිහාසයේ නව පිටුවක් පෙරලූ ආරම්භක පිතිකරු ලෝකේෂ් රාහුල් සිම්බාබ්වේ පිලට එරෙහිව අද පැවැති පළමු එක්දින අන්තර්ජාතික තරගයේ දී නොදැවී ශතකයක් රැස් කරමින් සිය කණ්ඩායමට කඩුලූ 9 ක පහසු ජයක් අත්කර දීමට සමත්විය.

ඔහුගේ මේ ශතකය වාර්තා පොතට එක්වූයේ තම මංගල එක්දින ජාත්‍යන්තර තරගයේදී ශතකයක් ලැබූ මුල්ම ඉන්දීය කී‍්‍රඩකයා ලෙසිනි. ඊට පෙර ඉන්දියාව වෙනුවෙන් තම මංගල එක්දින තරගයේ දී වැඩිම ලකුණු ලාභියා බවට පත්වී සිටියේ රොබින් උතප්පාය. ඔහු වසර 2006 දී එංගලන්තයට එරෙහිව කී‍්‍රඩා කළ සිය මංගල තරගයේදී ලකුණු 86 ක් රැස් කරමින් ඒ වාර්තාව පිහිටුවා තිබිණ.

කාසියේ වාසිය දිනූ ඉන්දීය නායක මහේන්ද්‍ර සිං දෝනිගේ ඇරියුමෙන් පළමුව පන්දුවට පහරදුන් සිම්බාබ්වේ පිලේ ඉනිම ජස්පි‍්‍රට් බුම්රාගේ අනගි පන්දු යැවීම හමුවේ ලකුණු 168 කට සීමා විය. කිසිදු පිතිකරුවකුට ලකුණු අතරට පැමිණීමට ඉඩනොදුන් ඉන්දීය පන්දු යවන්නන් සිය ප‍්‍රතිවාදීන් දැඩි පීඩනයකට ඇද දමද්දී ඉන් උපරිම ඵල නෙලාගත් බුම්රා සිය  ඕවර දහය නිමාවීමට එක් පන්දුවක් ඉතිරිව තිබියදී ලකුණු 28 කට බිඳ දැමූ කඩුලූ සංඛ්‍යාව 4 කි.

මේ පහසු ඉලක්කය හඹායාමට පිටියට පිවිසි ලෝකේෂ් රාහුල් සහ කරුන් නායර් අතර සම්බන්ධතාවක් ගොඩනැගීමට ඉඩ නොතැබූ සිම්බාබ්වේ පිල නායර්ගේ කඩුල්ල ලකුණු 7 කට ගලවා දැමුවත් අම්බති රයියිදු සමග එක්වූ රාහුල් රිසි සේ ලකුණු රැස් කරමින් ඉන්දීය පිලේ ජයග‍්‍රහණයට පාර කැපුවේය. එපමණක් නොව ඉන්දියාව වෙනුවෙන් සිය මංගල එක්දින තරගයේදීම ශතකයක් ලැබූ පළමු පිතිකරු ලෙසද ඉතිහාස පොතට එක්විය. ලකුණු 169 ක ඉලක්කයට අවතීර්ණවීමට ඉන්දියාවට වැය වූයේ ඕවර 42.3 ක් පමණි. 


මුල්ම කඩුල්ල ලකුණු 11දී බිඳ වැටුණාට පසුව පන්දු යවන්නන්ට කිසිදු බුරුලක් නොදුන් රාහුල් සහ රයියිදු දෙවැනි කඩුල්ලට ලකුණු 162 ක නොබිඳුණු සම්බන්ධතාවක් ගොඩ නැංවූහ. හැමිල්ටන් මැසකඞ්සාට ඞීප් මිඞ්විකට් කලාපය හරහා දැවැන්ත හයේ පහරකින් සංග‍්‍රහ කොට සිය වාර්තාගත ශතකය රැස් කළ රාහුල් ඒ සඳහා පන්දු 115කට මුහුණ දුන්නේය.  ඊට නිසි පරිදි කාලය මැන ගැසූ හතරේ පහර 7ක් සහ හයේ පහරක් ඇතුලත්විය. රාහුල්ට අනගි සහයක් දුන් රයියිදු නොදැවි ලබාගත් ලකුණු සංඛ්‍යාව 62 කි.

සිම්බාබ්වේ -  ඕවර 49.5කදී සියලූදෙනා දැවී ලකුණු 168 යි.
(සිකන්දර් රාසා 23, එල්ටන් චිගම්බුරා 41, දවාල් කුල්කරනි 42/2, බරින්දර් ස්ක‍්‍රැන් 42/2, ජස්පි‍්‍රට් බුම්රා 28/4)

ඉන්දියාව -  ඕවර 42.3කදී කඩුල්ලක් දැවී ලකුණු 173 යි.
(ලෝකේෂ් රාහුල් නොදැවි 100, අම්බති රායිදු නොදැවී 62යි.)

No comments:

Post a Comment

Post Bottom Ad