පොලිස්පතිවරයා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි හමුවෙයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, June 15, 2016

පොලිස්පතිවරයා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි හමුවෙයි

පොලිස්පතිවරයා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි හමුවෙයි
පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා සහ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි එයාර් චීෆ් මාෂල් කෝලිත ගුණතිලක මහතා අතර හමුවක් ඊයේ (14) ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි කාර්යාලයේ දී සිදුවිය.

34 වන පොලිස්පති ලෙස රාජකාරි භාර ගත් පූජිත් ජයසුන්දර මහතා   වෙත උණුසුම් සුබ පැතුම් පළකිරීමෙන් අනතුරුව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි විසින් පොලිස්පතිවරයා වෙත ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි කාර්යාලයේ අධ්‍ය‍ක්ෂ මණ්ඩලය හඳුන්වා දෙන ලදී.

මෙහිදි ද්විපාර්ශවික වශයෙන් වැදගත් කරුණු පිළිබඳව සාකච්ඡාවු අතර  මෙම හමුව සිහිගැන්විම පිණිස සමරු පොත මත සටහනක් සහ සමරු ඵලක හුවමාරුවක් ද සිදුකෙරිණි.

No comments:

Post a Comment

Post Bottom Ad