වෙ‍ලේ සුදා හා හිටපු ‍පොලිස්පතිවරයෙකුගේ සම්බන්ධය ගැන යළි විමර්ශනයක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, June 15, 2016

වෙ‍ලේ සුදා හා හිටපු ‍පොලිස්පතිවරයෙකුගේ සම්බන්ධය ගැන යළි විමර්ශනයක්

වෙ‍ලේ සුදා හා හිටපු ‍පොලිස්පතිවරයෙකුගේ සම්බන්ධය ගැන යළි විමර්ශනයක්
වෙ‍ලේ සුදා නමැති මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරු සමග හිටපු ‍පොලිස්පතිවරයෙකු පැවැති සම්බන්ධය ගැන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නැවත විමර්ශන ආරම්භ කර ඇතැයි වාර්තා වේ. 

වෙ‍ලේ සුදා පාකිස්තානයේදී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන පැමිණ ප්‍රශ්න කිරීමේදී හිටපු ‍පොලිස්පතිවරයෙකු සමග පැවැති සම්බන්ධයක් හෙළි කරනු ලැබූ අතර ඒ සමගම එම හිටපු ‍පොලිස්පතිවරයා සිය ආරක්ෂකයන්ටද නොකියා රටින් පැන ගොස් සැඟවී සිටි බව වාර්තා පලවිය. එම ‍පොලිස්පතිවරයාගේ සුවිසල් නිවස ඉදිකර දීමට වෙ‍ලේ සුදා උදව් කළ ආකාරය මෙන්ම දෙදෙනා අතර පැවැති සම්බන්ධකම් ද ප්‍රශ්න කිරීම් හමුවේ හෙළි වී තිබිණි.

එවකට ‍පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයාව සිටි ‍‍‍ජ්‍යෙෂ්ඨ ‍පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා ද වෙ‍ලේ සුදා සහ අදාළ ‍පොලිස්පතිවරයා අතර ඇති සම්බන්ධයක් අනාවරණය වී ඇති බව මාධ්‍ය සාකච්ඡාවලදී සඳහන් කර තිබිණි. වෙ‍ලේ සුදා සම්බන්ධයෙන් වූ සමාජ අවධානය පහවයත්ම වෙ‍ලේ සුදා සහ අදාළ හිටපු ‍පොලිස්පතිවරයා සම්බන්ධයෙන් වූ පරීක්ෂණ ලිපි ගොනුවකට පමණක් සීමා කිරීමට ‍පොලිස් බලධාරීන් පියවර ගෙන තිබූ බව පොලිස් ආරංචි මාර්ග පවසයි.

වසරක් පුරා නිසි විමර්ශනයකට ලක් නොවී පැවැති එම ගොනුව නැවත විමර්ශනයට ලක්වන්නේ වත්මන් ‍පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ අවධානය ඊට යොමු වීමත් සමග බව ‍එම ආරංචි මාර්ග සඳහන් කළේය.
මේ වන විට අදාළ විශ්‍රාමික ‍පොලිස්පතිවරයා මෙරටට පැමිණ නිදහසේ සිටින බවට තොරතුරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලැබි ඇතැයි වාර්තා වේ.

No comments:

Post a Comment

Post Bottom Ad