50ක් මරපු ඕමාර් පිස්සෙක් බව බිරිඳ කියයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, June 14, 2016

50ක් මරපු ඕමාර් පිස්සෙක් බව බිරිඳ කියයි

අමෙරිකාවේ ඕර්ලන්ඩෝ සමලිංගික සමාජශාලාවට ප‍්‍රහාරයක් එල්ල කළ පුද්ගලයා මානසික විකෘතියකින් පෙලුනු බව හෙළිවී තිබෙනවා. 

එම පුද්ගලයාගේ හිටපු බිරිඳ ඒ බව හෙළිකර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. විවාහ වී සිටි අවදියේදී සුළු කාරණයකට පවා අධික කෝපයට පත්වී ඔහු තමන්ට පහර දීමට කටයුතු කළ බවත් ඇය පොලිසියට පවසා තිබෙනවා. 

ඕමාර් මටීන් නමැති 29 හැවිරිදි තුවක්කුකරු සමාජ ශාලාවට ප‍්‍රහාර එල්ල කළේ පසුගිය සෙනසුරාදායි. ඉන් 50 දෙනෙකු ජීවිතක්ෂයට පත් වූණ අතර තවත් 53 දෙනෙකු තුවාල ලැබුවා.

No comments:

Post a Comment

Post Bottom Ad