රවීට එරෙහි තවත් විශ්වාසභංගයක් - ඒකාබද්ධ විපක්‍ෂය අත්සන් ගනී - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, March 10, 2016

රවීට එරෙහි තවත් විශ්වාසභංගයක් - ඒකාබද්ධ විපක්‍ෂය අත්සන් ගනී

මුදල් ඇමති රවී කරුණානායක මහතාට එරෙහිව දෙවැනි වරටත් විශ්වාසභංග යෝජනාවක්‌ ගෙන ඒම සඳහා පාර්ලිමේන්තු මැති ඇමැතිවරුන්ගේ අත්සන් ලබා ගැනීමේ ව්‍යාපාරයක්‌ ඒකාබද්ධ විපක්‍ෂය ඊයේ (09) ආරම්භ කළේය.

ඒකාබද්ධ විපක්‍ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා මහතා ඇතුළු මන්ත්‍රීවරුන් කිහිප දෙනකු විසින් ආරම්භ කළ මෙම වැඩපිළිවෙලට සහයෝගය දක්‌වමින් ඊයේ වනවිටත් කිහිප දෙනකුම අත්සන් තබා තිබුණි.

2016 අයවැය ලේඛනය ඉදිරිපත් කර පළමු කාර්තුව නිමවීමටත් පෙර එය අගමැතිවරයා විසින් සංශෝධනය කිරීම පදනම් කර ගනිමින් මෙම විශ්වාසභංගය ඉදිරිපත් කිරීමට නියමිතය. එය මෙම සතිය තුළදී කථානායකවරයා වෙත භාර දෙන බව ඊයේ ඇන්. ඇම්. පෙරේරා මධ්‍යස්‌ථානයේ පැවැති මාධ්‍ය හමුවේදී බන්දුල ගුණවර්ධන මන්ත්‍රීවරයා පැවසීය.

No comments:

Post a Comment

Post Bottom Ad