එක්සත් ජනතා නිදහස් සන්ධානයේ විධායක සභාව අද (08) රැස්වනවා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ පිහිටි ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී මෙම රැස්වීම පැවැත්වීමට නියමිතයි. පුරප්පාඩු වී තිබෙන මහලේකම් ධුරය සඳහා සුදුස්සෙකු පත්කිරීම ද මෙහිදී සිදුකෙරෙනු ඇති.
සාමාජික පක්ෂ විසින් කරන ලද ඉල්ලීමක් අනුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙම රැස්වීම කැඳවා තිබෙනවා. තමන් ද ඊට සහභාගි වන බවයි මහජන එක්සත් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා කියා සිටියේ.
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් ධුරය පුරප්පාඩු වූයේ හිටපු අමාත්‍ය මහාචාර්ය විශ්වා වර්ණපාල මහතාගේ අභාවයෙන්. මේ වන විට ඒ සඳහා නම් 6ක් යෝජනා වී ඇතැයි දේශපාලන ආරංචි පවසනවා. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හිටපු මහලේකම්වරයෙකු වන සුසිල් පේ‍්‍රම්ජයන්ත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු මහලේකම් අනුර ප්‍රියදර්ශන යාපා සහ එස්.බී. දිසානායක යන මහත්වරුන් ඔවුන්ගෙන් කිහිපදෙනෙක්.
මහින්ද අමරවීර, මහින්ද සමරසිංහ සහ ඩිලාන් පෙරේරා යන මහත්වරුන් මේ සඳහා යෝජනා වී සිටින අනෙක් තුන්දෙනා වනවා.
No comments:
Post a Comment