පාර්ලිමේන්තුවේදී ඊයේ (08)පැවැති කෝප් කමිටු රැස්වීමෙන් එහි සාමාජික ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා ඉවත්කර පවත්වා තිබේ.
ක්‍රීඩා අමාත්‍යාංශයේ යටතේ පවතින ක්‍රිකට් ආයතනය පිළිබඳව සලකා බලන හෙයින් ක්‍රීඩා අමාත්‍යවරයා එයට එක්නොවීම සුදුසු බව නියෝජ්‍ය අමාත්‍ය හර්ෂද සිල්වා මහතා පැවසීම හේතුවෙන් ක්‍රීඩා අමාත්‍යාවරයා එයින් ඉවත්ව තිබේ.
මෙහිදී අදහස් දක්වා ඇති ක්‍රීඩා අමාත්‍යවරයා පවසා ඇත්තේ "ඒක හොද තීරණයක්. ඇමතිවරු ඇවිල්ලා තමයි තමන්ගේ කොට්ඨාශේ බේරා ගන්න කෑ ගැහුවේ. නමුත් මම ඒ වෙනුවෙන් සටන් කලා. තීරණය ඒකනම් මම යන්නම්" කියාය.
එසේම අර්ජුන රණතුංග මහතාද මෙම කමිටුව සදහා සහභාගී වීමට පැමිණුනත් ඔහුට කෝප් කමිටුවට ඇතුළුවීමට අවස්ථාව නොදීමට කමිටු සාමාජිකයන් තීරණය කර තිබේ.

No comments:
Post a Comment