අඟුණකොලපැලැස්සේ හිටපු ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයෙක් සිය හෝටලයට ව්‍යාජ ලෙස නල ජලය ලබා ගෙන සිටිය දී හම්බන්තොට ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ අයථා ජල අංශයේ විමර්ශන නිලධාරීන් මගින් ඊයේ (10) අත්අඩංගුවට ගත් බව විමර්ශන නිලධාරීන් සඳහන් කරයි.
අඟුණකොලපැලැස්ස පොලීසියේ නිලධාරීන්ගේ ද සහාය මත එම වැටලීම සිදු කර සැකකරු අත්අඩංගුවට ගෙන පොලීසියට භාර දී ඇත. ජල මනුවට පිටින් අතුරු ජලනල මාර්ගයක් මගින් දීර්ඝ කාලයක් හොරෙන් ජලය ගෙන ඇති බව පරීක්ෂණවලින් අනාවරණය වී ඇත.ජල සම්පාදන මණ්ඩලයට සිදු වී ඇති පාඩුව මෙතෙක් තක්සේරු කර නොමැති බව ද වාර්තා වේ.
රාහුල් සමන්ත - හම්බන්තොට

No comments:
Post a Comment