අපි හැමදාම යාළුවෝ - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, March 10, 2016

අපි හැමදාම යාළුවෝ


රංගන ශිල්පි මේනකා මදුවන්ති සහ රංගන ශිල්පිණියක් වගේම වැඩසටහන් ඉදිරිපත් කරන්නියක් ලෙස ප‍්‍රසිද්ධියට පත් ආක්ෂා සුධාරි ගැන බොහෝ කතා බහට ලක් වුනා. ඒ ඔවුන් දෙදෙනා අතර ඇති වූ විරසකය නිසා. 

ඔවුන් දෙදොනාගේ විරසකය රහසක් නොවුණු අතර මේ වනවිට ඔවුන් අතර කිසිදු අමනාපයක් විරසකයක් නොමැති බවට තමයි වාර්තා වේ. කෙසේ වුව ද ඔවුන්ගේ යහළුමිත්‍රකම වර්ධනය වූ බවත් පසුගිය දිනෙක ආක්ෂාගේ උපන්දින සාදයට මේනකා මදුවන්ති ඇවිත් කියලා දැනගන්න ලැබුණා.

ආක්ෂා, මේනකා ගැන මාධ්‍යට දැක් වූ අදහස් පහතින්,

ඔබේ උපන්දින සාදයට මේනකා මධුවන්තිත් එදා ඇවිත් හිටියා නේද?


දෙන්නව එකට දැක්කෙ කාලෙකින්. මේනකයි, මමයි යාළුවෝ. ඉතින් එයා හැමදාම මගේ දේවල්වල දී ළඟින්ම ඉන්නවා.


ප‍්‍රසිද්ධියේ රණ්ඩුවෙලා කාලයක් තරහ වෙලා හිටියා නේද?


අපි තරහ වෙලා කියලා රාවයක් නම් ගියා තමයි. ඒත් මම කොතැනකවත් කියලා නැහැ මං මේනකත් එක්ක තරහයි කියලා. 


ඔයා නොකිව්වට මේනකා කියලා තිබුණානේ ඔයාලා අතර දැන් කිසිම යාළුකමක් නැහැ කියලා.

මට එහෙම ආරංචි වුණේ නැහැ. මම දන්නේ නැහැ එයා එහෙම කිව්ව බවක්. අපි හැමදාම යාළුවෝ.


එහෙනම් ක්‍ෂේත‍්‍රයට ආව මුල්ම කා‍ලේ කිව්ව විදියටම මේනකයි, ආක්ෂයි වයසට ගියාමත් යාළුවෝ වගේ ඉඳීවි නේද?


අනිවාර්යයෙන්ම. වයසට ගියාමත් අපි මේ වගේ පාටි දාගෙන සතුටින් ඉඳීවි.


ආක්ෂාගේ උපන්දින සාදයේ දී ලබාගත් ඡායාරූප කිහිපයක් පහතින්,


12512324_10205364638383059_938610624336431567_n 12644999_10205351830542871_2858463641663414567_n 12647016_10205364665023725_9132757048337388396_n 12647486_10205364665903747_6783336204021894431_n 12654596_10205364666223755_4591428175754331852_n 12670128_10205364645063226_8379263756912646943_n 12670128_10205364648783319_2069446600484607840_n 12688242_10205364671263881_1571919571668580651_n

No comments:

Post a Comment

Post Bottom Ad