ඥාණසාර හිමි 16 තෙක් යළි රිමාන්ඩ් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, February 10, 2016

ඥාණසාර හිමි 16 තෙක් යළි රිමාන්ඩ්

අතුරුදන් වී ඇතැයි පැවසෙන මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැළිගොඩ මහතාගේ බිරිඳ වන සන්ධ්‍යා එක්නැළිගොඩ මහත්මියට අධිකරණය ඉදිරිපිටදී තර්ජනය කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින බොදු බල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමි අද (10) දින ද හෝමාගම අධිකරණයට ඉදිරිපත් කර අතර මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත්තේ ඥාණසාර හිමි ලබන 16 වැනිදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගත කරන ලෙසයි.

මෙම අවස්ථාවේ දී පොලීසිය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අධිකරණ භූමිය වෙත දැඩි ආරක්ෂාවක් ලබා දී තිබූ අතර ජල ප්‍රහාරක රථ කිහිපයක් අධිකරණ භූමිය අසළ නවතා තිබූ බව ද වාර්තා වේ.

අධිකරණය අපහාස කිරීමේ චෝදනා යටතේ රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි උන්වහන්සේට එම සිදුවීමට අදාළව ඊයේ දිනයේ දී ඇප ලැබුණු නමුත් සන්ධ්‍යා එක්නැළිගොඩ මහත්මියට තර්ජනය කිරීමේ චෝදනා යටතේ උන්වහන්සේ නැවතත් බන්ධනාගාර ගත කරනු ලැබීය.

No comments:

Post a Comment

Post Bottom Ad