දේසපාලන බලධාරියෙකුගේ කෑමක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, November 26, 2015

දේසපාලන බලධාරියෙකුගේ කෑමක්

8080

පසුගිය දවසක බොහෝම රසවත්… බොහොම පැණිරස තියන ආහාරයකට අයකරන බද්ද ඉහළ දැම්ම… මේ ආහාරය ලංකාවෙත් හදනව… නමුත් හදන ප්‍රමාණය මදි නිසා රටිනුත් ගේනවා…

මේ බද්ද ඉහළ දාන්න දවස් දෙක තුනකට කලින් අපේ රටේ එක්තරා සුප්‍රකට කම්හලක හදන මේ රසවත් ආහාර ටොන් දාස් ගණනක් ගබඩා කරල තිබුණා බදු ඉහළ දැම්මට පස්සෙ වෙළෙඳ පොළට දාන්න.

ඒත් අනේ හදිසියෙන්ම මේ සබ්ජෙක්ට් එක භාර දේසපාලන බලධාරියෙක් නියෝග කළාලු ගබඩාවෙ තියන බඩු තොගේ වහාම විකුණන්න කියලා… ඒ නියෝගය නිසා මේව නිෂ්පාදනය කරන ඈත පළාතක පිහිටි කම්හලක ගබඩාවෙ තිබුණ ටොන් දාස් ගාණම එකපාරටම එක්තරා කෙනෙක් සල්ලි දීලා ගත්තලු…

ඊට දවස් දෙක තුනකට පස්සෙ මේ භාණ්ඩයට බද්ද වැටුණා. සල්ලිවලට ගත්ත කෙනාගෙ කරල පැහුණා. ඒත් මේ කම්හලේ සේවකයො නම් කියන්නෙ, කරල පැහුණෙ මුදලාලිගෙ විතරක් නෙවෙයි. තවත් දේසපාලන කස්ටියකටත් මේකෙන් මල් හතයි කියලයි…

හැබැයි මෙතනත් පොඩි පරහක් තියෙනවා… ඒ කියන්නෙ මේ කර්මාන්තෙ එක දේසපාලන ලොක්කෙකුට අයිතියි… කම්හල් තව ලොක්කකුට අයිතියි… ඉතින් මේ වගේ වැඩවලදි එක් කෙනෙක්ගෙ මල්ල පිරෙනවට අනෙක් පාර්ශ්වයේ අයට මල පැනලලු ඉන්නෙ… ඒ අය මේ කතාව දැන් තැන් තැන්වල කිය කියා යන්නෙ ඔය තරහ නිසාලු.

The post දේසපාලන බලධාරියෙකුගේ කෑමක් appeared first on Gossip - AsianMirror.lk.

No comments:

Post a Comment

Post Bottom Ad