හොරු කියපු අයත් යහපාලනේට ප්ලග් වෙන්ඩ යන්නෙ - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, October 4, 2015

හොරු කියපු අයත් යහපාලනේට ප්ලග් වෙන්ඩ යන්නෙ

7070

පසුගිය ආණ්ඩු කාලෙ වංචා දූෂණ ගැන දේසපාලන වේදිකාවල වැඩියෙන්ම චෝදනා ලබපු ලේකම් සයිස් දෙන්නෙක් හිටියා.
එයින් එක්කෙනෙක් රට පැනලා ඉඳල ඊයෙ පෙරේද ආව. එයා ගිය ආණ්ඩුකාලෙ ඇමැති එක්ක වලි ඇදගෙන අන්තිමට ඇමතිට ආණ්ඩුවෙන් යන තරමට වැඩ තිත්ත කරපු පොරක්ලු. බොහොම බලශක්තිය ඇති උන්නැහේට ඔස්ට්‍රේලියාවෙ ගෙවල්ම තුනක් තියනවලු… ඒගෙවල් ජල්තරවල ප්‍රතිඵල කියලයි හුඟදෙනෙක් කියන්නෙ.
දැන් එයාට මේ ආණ්ඩුවට ප්ලග් වෙන්න ආයෙම එන්නලු ඕන. එයාගෙ හිටපු ඇමැතිතුමා මේ ආණ්ඩුවෙන් ප්‍රබල චරිතයක් නිසා උන්නැහේට ලොකු ප්‍රශ්නයක් ඇතිවෙලා කියල කියනව. ඒක විසඳගන්න උසාවියෙන් පිහිටක් ඉල්ලන්න කියල මේ හැට පැනපු හිටපු ලේකම් දැන් දත කනවලු.
කොහොම හරි එයාට තනතුරක් දෙන්නත් සමහරැ සූදානම් වීමලු පුදුමෙ. ඒ අතරෙ පාරවල් සම්බන්ධව නොයෙක් චෝදනා ලබපු හිටපු ලේකම් සයිස් පොරකුත් රජයට සැට්වෙන්න සේරම හරිලු. මේකට කපුකම කළේ ආණ්ඩුවෙ ඉහළම පවුලකට සම්බන්ධ බිස්නස්කාර සහෝදරයෙක්ලු.
මේව අහපු යහපාලනේට ඇත්තටම කැපවුණ ඇමැති කෙනෙක් අනේ කාලේ වනේ වාසේ කියල කිව්වලු.

The post හොරු කියපු අයත් යහපාලනේට ප්ලග් වෙන්ඩ යන්නෙ appeared first on Gossip - AsianMirror.lk.

No comments:

Post a Comment

Post Bottom Ad