ජනපති නැති අතරේ ලේකම් උප ජනාධිපති වෙලා ! - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, October 5, 2015

ජනපති නැති අතරේ ලේකම් උප ජනාධිපති වෙලා !

3030
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විදෙස්ගතවූ අවස්ථාවේ දී කෝට්ටේ පක්ෂ බල මණ්ඩලය ආසන සංවිධායකවරයා හෝ පක්ෂ ලේකම්වරයාටත් නොදන්වා රැස්ව ඇති පුවතක් වාර්තා වනවා.
ආසනයේ සංවිධායක රෝහිත බෝගොල්ලාගම මහතාද නොදැනුවත්වම මෙය රැස්කර ඇත්තේ ජනාධිපති සම්බන්ධීකරණ ලේකම් කෝට්ටේ නාගරික මන්ත්‍රී නීතිඥ රජික කොඩිතුවක්කු මහතා විසින් බවයි පැවසෙන්නේ.
ජනාධිපති සම්බන්ධීකරණ ලේකම්වරයකු ලෙස පත්ව පසුව කෝට්ටේ නාගරික මන්ත්‍රීවරයකු ඉවත්කර එම මන්ත්‍රී තනතුරට පත්වූ මෙම ලේකම්වරයා ජනාධිපතිවරයා රටේ නොසිටි මොහොතක මෙය රැස්කර ඇත්තේ කෝට්ටේ මත් උවදුර මැඩපැවැත්වීමට විධිමත් වැඩපිලිවෙලක ආරම්බය සනිටුහන් කිරීම හා කෝට්ටේ පවතින දේශපාලන තත්වය මෙන්ම අනාගත දේශපාලන තත්වය පිළිබඳව සාකච්ඡාවක් ලෙසයි.
මෙම රැස්කිරීම සඳහා නීතිමය බලයක් ඔහුට නොමැති අතර ඩිලාන් පෙරේරා සහ ෆයිසර් මුස්තාපා යන අමාත්‍යවරු මෙන්ම නියෝජ්‍ය කථානායක තිලංග සුමතිපාල මහතා ද එයට සහභාගී කරවාගෙන ඇත.
මේ සම්බන්ධයෙන් කෝට්ටේ සංවිධායක රෝහිත බෝගොල්ලාගම මහතාගෙන් විමසීමේ දී ඔහු සඳහන්  කර ඇත්තේ උප ජනාධිපතිවරයකු මෙම රැස්වීම පවත්වා ඇති බවයි.
මෙම රැස්වීමේදී රජික කොඩිතුවක්කු මහතා සඳහන් කර ඇත්තේ කෝට්ටේ දිනවිය හැක්කේ තමන්ට පමණක් බවයි.
මෙම රැස්වීමත් සමග කෝට්ටේ දේශපාලන තත්ත්වය උණුසුම් වී ඇති අතර යහපාලන ලේකම්වරයාගේ ක්‍රියකාරිත්වය දැඩි දෝෂ දර්ශනයට ලක්ව ඇත.
මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා දැනුවත් කළ යුතු බව කෝට්ටේ දේශපාලන නායකයන්ගේ අදහස වී ඇත.
r1 r2 r5 r6 r7 r8 r9 r10

The post ජනපති නැති අතරේ ලේකම් උප ජනාධිපති වෙලා ! appeared first on Gossip - AsianMirror.lk.

No comments:

Post a Comment

Post Bottom Ad