ව්‍යාජ දැන්වීමක් නිසා රන්බීර් කපූර් උසාවිට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, October 3, 2015

ව්‍යාජ දැන්වීමක් නිසා රන්බීර් කපූර් උසාවිට

1010

ජනප්‍රිය නළු නිළියන් නීතිය ඉදිරියට රැගෙන යෑම් මෑතකදී කිහිප වතාවක් ම සිදුවුණා. විශේෂයෙන් ම මෙවැනි සිදුවීම් වලට බොලිවුඩ් තරු පිරිවර අතර සිටින සුපිරි තරුවලට සිදුවූයේ ඔවුන් පෙනී සිටි වෙළෙඳ දැන්වීම් මෙහෙය වූ ආයතනවල තිබූ වැරැදි ක්‍රියා නිසයි.

මෑතකදී ඉන්දියාවේ අලෙවි වූ එක්තරා ජනප්‍රිය නූඩ්ල්ස් වර්ගයක් පරිභෝජනයට අහිතකර වීමෙන් ප්‍රශ්න රැසකට මුහුණ දීමට සිදුවුණේ සුපිරි තරු දෙකකට. ඒ, අමිතාබ් භච්චන් ට සහ මධුරි ඩික්සිත් ට. ඔවුන් දෙදෙන එම නූඩ්ල්ස් වර්ගයේ ප්‍රචාරක කටයුතුවලට පෙනී සිටියේ එහි සන්නාම තානාපතිවරු හැටියටයි. ඒ හේතුවෙන් අමිතාබ් ට සහ මධුරි ට උසාවි යන්නටත් සිදුවුණා.

පසුගියදා එවැනි ම අත්දැකීමකට මුහුණ දෙන්නට සිදුවුණේ ජනප්‍රිය නළු රන්බීර් කපූර්ට සහ චිත්‍රපට අධ්‍යක්ෂ ෆර්හාන් අක්තාර් ට. එක්තරා වෙබ් අඩවියක ප්‍රචාරය වූ දැන්වීමක් අධ්‍යක්ෂණය කළේ ෆර්හාන්. එහි පෙනී සිටියේ රන්බීර්. එම වෙබ් අඩවිය මෙහෙය වූ ආයතනය ප්‍රේක්ෂකයන්ට දන්වා තිබුණේ ඉන්දියානු මුදලින් රුපියල් 29,999 ක් ගෙවීමෙන් දින 10ක් ඇතුළතදී ඉතා වටිනා LED රූපවාහිනී යන්ත්‍රයක් නිවෙසට ම එවන බවයි. මේ දැන්වීම දුටු කෙශාව් නගර් ප්‍රදේශයේ වෙසෙන රාජට් බන්සාල් නම් වූ නීතිඥවරයා එම මුදල ගෙවා තිබෙනවා. ඒත් ඔහුට එම රූපවාහිනී යන්ත්‍රය ලැබී නැහැ. ආයතනය පොරොන්දු වූයේ දින 10 ක් තුළ අඟල් 40ක් දිග පළල ඇති රූපවාහිනියක් වුවත් එම කාලය පසු වුවද තමන්ට එය නොලැබුණු බවයි නීතිඥ රාජට් ප්‍රකාශ කළේ. ඔහු මේ සම්බන්ධව පොලිසියට පැමිණිලි කරලා.

ඒ අනුව එම ආයතනයේ උසස් නිලධාරින් කිහිප දෙනකුට සහ වෙ‍ෙළඳ දැන්වීමෙහි පෙනී සිටිමින් රූපවාහිනිය ලබා දෙන අයුරු පැවසූ රන්බීර්ටත්, එම දැන්වීම නිර්මාණය කළ ෆර්හාන්ටත් දැන් සිදුවී ඇත්තේ උසාවි යන්නටයි.

The post ව්‍යාජ දැන්වීමක් නිසා රන්බීර් කපූර් උසාවිට appeared first on Gossip - AsianMirror.lk.

No comments:

Post a Comment

Post Bottom Ad