නටමින් සින්දු කියපු මම අද අසනීපව ලෙඩ ඇඳේ | ඇන්ටන් ජෝන්ස් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, September 5, 2015

නටමින් සින්දු කියපු මම අද අසනීපව ලෙඩ ඇඳේ | ඇන්ටන් ජෝන්ස්

1010

ඇන්ටන් ජෝන්ස්, ලාංකේය සංගීත ක්ෂේත්‍රය තුළ තම අනන්‍යතාව හොඳින් සලකුණු කළ ගායන ශිල්පියෙකි. මෑත යුගයේ බයිලා ගායනයෙන් රටක් නැළවූ ගායකයා ලෙස ඔහු හැඳින්වීම නිවැරැදිය. ඔහු සතු අනන්‍යතාව වන්නේ ඔහු ගායනා කළ ගීතවලින් අති බහුතරයක් සත්‍ය සිදුවීම් ඇසුරින් ලියැවුණු ගීත වීමය. කලක් ප්‍රසංග වේදිකාවට නැතිවම බැරි වූ ඇන්ටන් ජෝන්ස් ගායන ශිල්පියා අද කාලය ගත කරන්නේ තම ආදරණීය බිරියගේ උපස්ථාන ලබමිනි. ඒ මීට වසර 7 කට පමණ පෙර ඇතිවූ රෝගී තත්ත්වය නිසාය.

“මම දියවැඩියාවට බෙහෙත් ගනිමිනුයි හිටියේ. මීට අවුරුදු 7 කට විතර ඉස්සර බයිසිකලය පැදගෙන යද්දි කවුඩාන හන්දිය ළඟදී මාව වැටුණා. මම හිතන්නේ මට ප්‍රෙෂර් එක තිබිලා තියෙනවා. අවුරුදු කීපයක්ම බෙහෙත් ගත්තා. දැන් තරමක් සුවයි. නමුත් දකුණු කකුල පණ නැහැ. ඇවිදින්න හිටගෙන ඉන්න අමාරුයි. මම දැන් විවේකයෙන් ගෙදරට වෙලා ඉන්නවා. මගේ ඇතැම් මිත්‍රයෝ එනවා මාව බලන්න. ඒ ගැන මට සතුටුයි. අද මට ප්‍රසංග වේදිකාවල ගීත ගයන්න බැරි වුණත් කාලයක් මම මේ රටේ සෑම ප්‍රදේශයකම වාගේ රසික රසිකාවියන් පිනෙව්වා. ඔවුන්ට නටන්න සින්දු කිව්වා. ඔවුන් සතුටු කළා. ඒ ගැන මට විශාල සතුටක් දැනෙනවා. ඒ අවස්ථාව මට ලබාදීම ගැන මම දෙවියන්ට ස්තුතිවන්ත වෙනවා.”

The post නටමින් සින්දු කියපු මම අද අසනීපව ලෙඩ ඇඳේ | ඇන්ටන් ජෝන්ස් appeared first on Gossip - AsianMirror.lk.

No comments:

Post a Comment

Post Bottom Ad