පදක්කම් ගෙනා ක‍්‍රීඩිකාව බසයෙන් ගෙදර යයි… ක‍්‍රීඩා ඇමතිට ලැජ්ජාවක් නැතිද.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, June 12, 2015

පදක්කම් ගෙනා ක‍්‍රීඩිකාව බසයෙන් ගෙදර යයි… ක‍්‍රීඩා ඇමතිට ලැජ්ජාවක් නැතිද..

ශ‍්‍රී ලංකාවට ජාත්‍යන්තර කීර්තියක් අත්කර දුන් ක‍්‍රීඩිකාවකට කුඩම්මාගේ සැලකිලි දැක්වීම පිළිබඳව ක‍්‍රීඩා ඇමතිවරයා ලැජ්ජා විය යුතු යයි ජාතික නිදහස් පෙරමුණ පවසයි.

එම පක්‍ෂයේ ජාතික සංවිධායක ජයන්ත සමරවීර මහතා විසින් එසේ සදහන් කරමින් නිකුත් කර ඇති නිවේදනය මෙසේය.

පසුගියදා චීනයේ පැවැති ආසියානු මලල ක‍්‍රීඩා ශූරතාවලියේ එකම ශ‍්‍රී ලංකා පදක්කම්ලාභිනිය වු නිමාලි ලියනාරච්චි ක‍්‍රිඩිකාව රටට ඉමහත් ගෞරවයක් ගෙන දුන්නාය. ආසියානු කාන්තා මීටර් 800 තරග ඉසව්වෙන් ලෝකඩ පදක්කම දිනාගත් ඇයට සූරියවැව පිහිටි තම නිවස බලා යෑමට සිදුව තිබුණේ පොදු බස් රියකින් බව අද මාධ්‍ය මගින් වාර්තා කර තිබිණි.

ජාත්‍යන්තර මට්ටමේ ජයග‍්‍රහණයක් දිනාගනිමින් රටට ඉමහත් ගෞරවයක් අත්පත්කර දුන් නිමාලි ලියනාරච්චි ක‍්‍රීඩිකාවට මෙසේ ‘කුඩම්මාගේ සැලකිලි දැක්වීම’ පිළිබඳව ක‍්‍රීඩා අමාත්‍ය නවීන් දිසානායක මහතා ලැජ්ජා විය යුතුය. 

ක‍්‍රිකට් ක‍්‍රීඩකයන් පමණක් නොව සියලූ ක‍්‍රීඩා ඉසව්වලින් ශ‍්‍රී ලංකාවට ජාත්‍යන්තර  ජයග‍්‍රහණ දිනා දෙන ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් ජාතික සම්පත් සේ සලකා කටයුතු කිරීම ඔහුගේ වගකීම බව මෙහිදී නවීන් දිසානායක මහතාට අපි මතක් කර දීමට කැමැත්තෙමු.

පසුගිය ආණ්ඩුව සමයේ රටට ජාත්‍යන්තර මට්ටමේ ජයග‍්‍රහණ දිනා දුන් ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්ට රටින් පෙරළා සැලකීමට අමතක නොකළේය. නිවාස හා පොදුපහසුකම් අමාත්‍යාංශය මගින් නිවසක් අහිමි එවන් ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්ට නිවසක් තිළිණ කිරීමේ වැඩසටහනක් ද දියත් වූ බව jayantha-sa මෙහිදී මතක් කර දිය යුතුයි.

රටකට ජයග‍්‍රහණ ලබාදුන් ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්ගෙන් ඊටත් වඩා ජයග‍්‍රහණ බලාපොරොත්තු විය හැක්කේ ඔවුනට රටින් පෙරළා සැලකුම් ලබා දෙන තරමටය.

එබැවින් මෙවැනි කණගාටුදායක සිදුවීම්වලට මීට පසු ඉඩ නොතබන ලෙස ක‍්‍රීඩා අමාත්‍යවරයාගෙන් අප කරයේ ඉල්ලා සිටින්නෙමු.

ජයන්ත සමරවීර
හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී
ජාතික සංවිධායක
ජාතික නිදහස් පෙරමුණ

No comments:

Post a Comment

Post Bottom Ad