යාපනයේ සිසුවියගේ සැබෑ කතාව හෙළිවෙමින් පවතී /උතුරේ පොලිස් ලොක්කෝ මාරු - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, May 23, 2015

යාපනයේ සිසුවියගේ සැබෑ කතාව හෙළිවෙමින් පවතී /උතුරේ පොලිස් ලොක්කෝ මාරු

යාපනයේ කයිට්ස් සිසුවිය ඝාතනය කිරීමේ සිද්ධියේ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමෙන් පසු ඇති වූ නොසන්සුන්තාව නිසි ලෙස පාලනය කිරීමට කටයුතු නොකිරීම ඇතුළු හේතු කිහිපයක් පදනම් කැරගෙන යාපනය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඇතුළු පොලිස් ප්‍රධානීන් පස් දෙනෙකු වහාම ක්‍රියාත්මක වන පරිදි මාරු කිරීමට පොලිස්පතිවරයා පියවර ගෙන ඇත.
යාපනය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාට අමතරව යාපනය පොලිස් අධිකාරී, සහකාර පොලිස් අධිකාරී, කයිට්ස් පොලිස් මූලස්ථානාධිපති, යාපනය පොලිස් මූලස්ථානාධිපති මෙසේ හදිසියේම මාරු කර තිබේ. යාපනය පොලිස් මූලස්ථානාධිපති රංජිත් බාලසූරිය මහතා වවුනියාවටත්, කයිට්ස් පොලිස් මූලස්ථානාධිපතිවරයා මන්නාරමටත් මාරු කර ඇති බව වාර්තා වෙයි.

මේ අතර යාපනයේ පුංකුඩුතිව්හි 17හැවිරිදි  පාසැල් දැරිය සමුහ දුෂණය කර මරා දැමීමේ සිද්ධියෙන් පසු ඇති වු කලබල සමනය කිරීම සඳහා යාපනයේ මහේස්ත්‍රාත් උසාවිය උතුරේ  සංවිධාන තුනකට උද්ඝෝෂණ වැලැක්වීමේ නියෝගයක් නිකුත් කර ඇත.

දෙමළ ජාතික සංධානයේ හිටපු  ප්‍රාදේශීය මන්ත්‍රී  ටී. කුමාර වේලු සභාපතිත්වය දරණ ජනතා බලය සංවිධානය,   යාපනයේ කාන්තා බලය  හා උතුරු පළාත් සභා මන්ත්‍රිනී ආනන්දි ශෂිදරන් මුලිකත්වය දරණ  සංවිධාන එම සංවිධාන තුනයි.

තවද යාපනයේ පුංකුඩුතිව්හි 17හැවිරිදි  පාසැල් දැරිය සමුහ දුෂණය කර මරා දැමීමේ සිද්ධියේ සැබැ කතාව දැනට දැනගන්නට ඇති තත්ත්වයට වඩා හාත්පසින්ම වෙනස් කතාවක් බව සිද්ධිය පිළිබඳව අභ්‍යන්තරයෙන් ලැබෙන තොරතුරු සඳහන් කරයි.

No comments:

Post a Comment

Post Bottom Ad