සෝමලතා සුබසිංහ අභාවප්‍රාප්ත විය - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, May 30, 2015

සෝමලතා සුබසිංහ අභාවප්‍රාප්ත විය

සෝමලතා සුබසිංහ මහත්මිය අද (30) පෙරවරුවේ අභාවප්‍රාප්ත වූ බව ඇයගේ පවුලේ ආරංචි පවසයි.
මෙරට කලා ක්ෂේත්‍රයේ ප්‍රවීණ නාට්‍ය ශිල්පිනියක හා රංගන ශිල්පිණියකවූ ඇය මිය යන විට  79 වැනි වියේ පසුවූවාය. ඇය පසුගිය දිනවල කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියාය.

මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ ‘එලොව ගිහින් මෙලොව ආවා‘ නාට්‍යයේ රගපෑමෙන් ඇය ජනප්‍රියත්වයට පත්වූ අතර රත්තරන්, මූදු පුත්තු, නරිබෑණා වැනි නාට්‍ය තුළින් ඇය රංගන කෞෂල්‍යයන් විදහා පෑමට සමත් වූවාය.
වේදිකා නාට්‍ය රචිකාවියක්, අධ්‍යක්ෂකවරියක් හා නාට්‍ය ගුරුවරියක්ද වන ඇය ළමයින් වෙනුවෙන් විශාල නාට්‍ය ප්‍රමාණයක් නිර්මාණය කර ඇත.
ළමා මනසට ගැලපෙන අපූරු නිර්මාණ බිහි කළ ඇය හිම කුමාරි, ගමරාළ දිව්‍ය ලෝකේ ගිය හැටි, වලස් පවුල, පුංචි අපට දැන් තේරෙයි වැනි නාට්‍ය නිර්මාණය කර සම්මානයටද පාත්‍ර වූවාය.

No comments:

Post a Comment

Post Bottom Ad