ප්‍රසන්න මගේ සහෝදරයා මට ලොකු රහසක් කිව්වා - අර්ජුන - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, April 25, 2015

ප්‍රසන්න මගේ සහෝදරයා මට ලොකු රහසක් කිව්වා - අර්ජුන

ප්‍රසන්න මගේ සහෝදරයා මට ලොකු රහසක් කිව්වා - අර්ජුන

2009 වසරේදී තමන්ව ක්‍රිකට් සභාපති ධුරයෙන් ඉවත් කිරීමට මැදිහත් වූයේ හිටපු ජනාධිපති  මහින්ද රාජපක්ෂ මහතා බවට දැන් හෙළි වී ඇතැයි  වරාය හා නාවික කටයුතු අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පැවසීය.

‘‘මාව ක්‍රිකට් පාලක මණ්ඩලයෙන් ඉවත් කළ නිසා මම මහින්ද රාජපක්ෂ මහත්තයත් එක්ක ප්‍රශ්නයක් ඇති කර ගත්තා කියලා මගේ සහෝදර ප්‍රසන්න රණතුංග අමාත්‍යවරයා (බස්නාහිර මහඇමති) පවසා තිබුණා.  මං ඇත්තටම මෙපමණ කාලයක් හිතාගෙන හිටියේ එවකට සිටි ක්‍රීඩා අමාත්‍ය ගාමිණී ලොකුගේ මහත්තයා තමයි මාව ක්‍රිකට් සභාපති ධුරයෙන් අයින් කළේ කියලා. නමුත් දැන් මම ඇත්ත දන්නවා. මොකද ප්‍රසන්න මහත්තයා අපට වඩා තොරතුරු දන්න නිසා.

ඉතිං මම හිතන්නේ ප්‍රසන්න බොහෝ දේ දන්න කෙනෙක් විදියට එයාගේ වචනය පිළිගන්න පුළුවන්. මහින්ද රාජපක්ෂ තමයි මාව ක්‍රිකට් බෝඩ් එකෙන් අයින් කළේ. එහෙම අයින් කළේ මම එතැන හොරකම් නවත්තපු නිසා.” යැයිද අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පැවැසීය.

No comments:

Post a Comment

Post Bottom Ad