ඒකෙන් පස්සෙ ඇවිදගන්නවත් බැහැ | විනූ උදානි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, April 28, 2015

ඒකෙන් පස්සෙ ඇවිදගන්නවත් බැහැ | විනූ උදානි

50
ජනප්‍රිය නිළි විනූ උදානි සිරිවර්ධන පසුගිය දවසක එක්තරා රූපවාහිනි නාළිකාවක අවුරුදු උත්සවයකට සහභාගි වුණා. 

ඒ අවස්ථාවේ දී ඇය නොහිතපු ආකාරයේ අනතුරකට ලක්වෙලා. මේ ගැන ඇත්ත නැත්ත අපි ඇගෙන්ම විමසුවා.
“මේ දවස්වල හැමතැනම අවුරුදු උත්සවනෙ. මටත් එක්තරා රූපවාහිනි නාළිකාවකින් පවත්වන අවුරුදු උත්සවයකට ආරාධනා ලැබුණා. ඒ අවුරුදු උත්සවය පැවැත් වුණේ මාතලේ. 
මාතලේ ගමක ජනතාවයි කලාකරුවනුයි තමයි මෙයට සහභාගි වුණේ. එක්තරා තරඟයක් තිබුණා ඇස් බැදගෙන දුවන. මගේ පාට්නර් වුණේ ගමේ තරුණියක්. මගේ ඇස් බැඳලා තිබුණේ. තරඟය පටන් ගත්තා. 
ඇය මාවත් ඇදගෙන දුවන්න ගත්තා. ඒ දුවපු දිවිල්ලට මම හිතුවා කුමක් හෝ අනතුරක් වෙයි කියලා. මාවත් එක්කම ඇය බිම ඇද වැටුණා. මගේ කකුලෙන් ලොකු වේදනාවක් ආවා. ඇවිදින්න බැරුව දවස් දෙකක් විතර හිටියා. බෙහෙතුත් ගන්න සිදු වුණා.”

Vinu Udani AM Gossip 01 Vinu Udani AM Gossip 02 Vinu Udani AM Gossip 03 Vinu Udani AM Gossip 04

No comments:

Post a Comment

Post Bottom Ad