රන් භාණ්ඩ සහනය ගන්න බැරිනම් කියන්න - රජයෙන් අවස්ථාවක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, April 25, 2015

රන් භාණ්ඩ සහනය ගන්න බැරිනම් කියන්න - රජයෙන් අවස්ථාවක්

රන් භාණ්ඩ සහනය ගන්න බැරිනම් කියන්න - රජයෙන් අවස්ථාවක්

දින 100 යටතේ උපරීම රුපියල් ලක්ෂ දෙකක වටිනාකමකට උකස් කර ඇති රන් භාණ්ඩ සඳහා ගෙවිය යුතු අධික පොලිය හා දඩ මුදල් කපා හැරීමේ වැඩසටහන මේ වන විට ක්‍රියාත්මක කර තිබෙන බව ජනාධිපති උපදේශක තිලක් රණවිරාජා මහතා පැවසීය.

එහිදී මේ වන විට පුද්ගලයින් 5652 දෙනෙකුට සහන හිමි වී තිබෙන බවද ඔහු සඳහන් කළේය. 

ඒ සඳහා අදාළ චක්‍රලේඛය ද මේ වන විට නිකුත් කර තිබෙන බවත් එවැනි සහන ලබා නොදෙන්නේ නම් ඒ පිළිබඳව පාරිභෝගික අධිකාරිය වෙත දැනුම් දිය හැකි බවත් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (24) පැවැති මාධ්‍ය හමුවේදී හෙතෙම පෙන්වා දුන්නේය.

මෙවැනි වැඩසටහන් නිසි පරිදි ක්‍රියාත්මක වන්නේද යන්න පිළිබඳව දත්ත රැස් කිරීමට කටයුතු කර තිබෙන බව ජනාධිපති ලේකම් පී.බී. අබේකෝන මහතා සඳහන් කළේය.

No comments:

Post a Comment

Post Bottom Ad