අතුරුදන් වූ බි‍්‍රතාන්‍ය තරුණියන් තිදෙනා ඉස්ලාමික රාජ්‍යයට එක්වෙලා - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, March 3, 2015

අතුරුදන් වූ බි‍්‍රතාන්‍ය තරුණියන් තිදෙනා ඉස්ලාමික රාජ්‍යයට එක්වෙලා

පසුගියදා අතුරුදන්වූ බි‍්‍රතාන්‍ය යෞවනියන් තිදෙනා සිරියාවේ ඉස්ලාමික රාජ්‍ය සටන්කාමීන් හා එක්ව ඇතැයි වාර්තා වී තිබේ.

ලන්ඩනයේ බෙත්නල් ග‍්‍රීන් ඇකඩමියේ ශිෂ්‍යාවන් වූ 15 හැවිරිදි අමිරා අබාස්, 15 හැවිරිදි ෂමිමා බෙගම් සහ 16 හැවිරිදි කඩිසා සුල්තානා මෙලෙස අතුරුදන් වූ අතර ඔවුන් සොයා ජාත්‍යන්තර මට්ටමේ සෝදිසි මෙහෙයුමක් ආරම්භ කිරීමට බි‍්‍රතාන්‍ය රජය විසින් කටයුතු කරන ලදී.

මෙමගින් හෙළිව ඇත්තේ යෞවනියන් තිදෙනා බි‍්‍රතාන්‍යයේ ගැට්වික් සිට තුර්කියේ ඉස්තාන්බුල් දක්වා ගුවනින් ගමන් කර එතැන් සිට මෝටර් රථයකින් සිරියාවට ඇතුළුවී ඇති බවයි.

මේ වන විට ඔවුන් ඉස්ලාමික රාජ්‍ය සටන්කාමීන්ගේ පාලනය යටතේ ඇති ටාල් අබ්යාඞ් නගරයේ සිටින බවට විශ්වාස කෙරේ. ආරංචි මාර්ගයක් වාර්තා කර ඇත්තේ තරුණියන් තිදෙනා සිරියානු ජාතිකයෙකු සමග ගමන් කරනු දක්නට හැකිවූ බවයි.  

ඔහු ISIS සාමාජිකයෙකු බවත් විදේශිකයින්ට ත‍්‍රස්ත සංවිධානයට හා එක්වීමට පහසුකම් සපයන්නෙකු ලෙසින් චෝදනා ලැබූවකු බවත් අදාළ පුද්ගලයා මාධ්‍ය වෙත අනාවරණය කර තිබේ.

මෙම තරුණියන් තිදෙනා බි‍්‍රතාන්‍යය හැරයාමට තරම් රැඩිකල්කරණය වූයේ කෙසේදැයි මෙතෙක් පැහැදිලිවී නොමැති අතර එක් තරුණියකට බි‍්‍රතාන්‍ය ISIS සාමාජික අක්සා මහ්මුද් සමග සබඳතා පැවති බව හෙළිවී ඇත.

අක්සා මහමුද් 2013 නොවැම්බරයේදී ග්ලාස්ගෝ නගරයේ සිට සිරියාවට ගොස් ඉස්ලාමික රාජ්‍යය හා එක්විය.

No comments:

Post a Comment

Post Bottom Ad