මහින්ද අගමැති කරන්න මන්ත්‍රීවරු 75 ක සහය - ප්‍රසන්න හෙළි කරයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, March 31, 2015

මහින්ද අගමැති කරන්න මන්ත්‍රීවරු 75 ක සහය - ප්‍රසන්න හෙළි කරයි

ශ්‍රීලංනිප අගමැතිවරයෙක් පත් කරගැනීමට නායකයින් එක්වී වැඩ කළ යුතු බවත් ඕනෑම කොන්දේසියක් යටතේ වුවත් මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් ශ්‍රීලංනිප ආණ්ඩුවක් පිහිටුවිය හැකි බවත් බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි. 

ඔහු මේ බව පැවසූවේ පසුගිය 28 වැනි දා මිනුවන්ගොඩ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍ය බල මණ්ඩල රැස්වීම අමතමිනි.

“අපේ අගමැතිවරයෙක් පත්කරගන්න නායකයෝ එකතු වෙලා වැඩ කරන්න ඕන. ඕන කොන්දේසියක් දාන්න මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ නායකත්වයෙන් අපිට ආණ්ඩුවක් පිහිටුවන්න පුළුවන්. 

අපි සමග පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 75 කට වඩා කතා කරගෙන යනවා. පළාත් සභා මන්ත්‍රීවරු 80% කට වඩා ඉන්නවා. ඔය තනතුරු අයින් කරනවා කිව්වට අපි බය වෙන්නෑ.“ යැයි මහ ඇමතිවරයා පෙන්වා දුන්නේය.

“අපි පිළිගන්නවා මහින්ද රාජපක්ෂගේ වැරදි තිබුණා. වැරදි කරපු අයට දඬුවම් දුන්නෑ. සමහර ඇමතිවරු කරපු දේවල් නිසයි එතුමා පරාද වුණේ. ඒ අය තමයි අද මහින්ද රාජපක්ෂට විරුද්ධව කතා කරන්නෙ. අපේ පක්ෂයෙ නායකයො ඇමතිගොල්ලෝ මාව එළියට දාන්න සූදානමින් කටයුතු කරනවා. “ යැයි පැවසීය. 

No comments:

Post a Comment

Post Bottom Ad