‘ලෝක තරුණ නිපුණතා දිනය ශ්‍රී ලංකාවේ’ යෝජනාව සම්මතයි.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, December 23, 2014

‘ලෝක තරුණ නිපුණතා දිනය ශ්‍රී ලංකාවේ’ යෝජනාව සම්මතයි..

ජූලි මස 15වන දින ලෝක තරුණ නිපුණතා දිනය වශයෙන් ප්‍රකාශයට පත් කරන ලෙසට ශ්‍රී ලංකාව විසින් ඉදිරිපත් කෙරුණු යෝජනාවක් එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් ඒකමතික ව සම්මත කොට ඇත.

ශ්‍රී ලංකාව ඉදිරිපත් කළ මෙම යෝජනාව රටවල් 134ක සමාජිකත්වයෙන් යුත් ජී-77 කණ්ඩායමේ පූර්ණ සහයෝගය ඇති ව එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය වෙත ඉදිරිපත් කෙරිණි.

මෙම යෝජනාව ගෝලීය මට්ටමෙන් වර්තමානයේ පෙනෙන තරුණ විරැකියාව සහ ඌණ සේවා නියුක්ති ගැටලුවට පිළියමක් ලෙස රැකියා අරමුණු කරගත් නිපුණතාවන් වර්ධනය කිරීමේ ඇති වැදගත්කම අවධාරණය කරයි.

– news.lk

No comments:

Post a Comment

Post Bottom Ad