කථිකාචාර්ය හිමිනම සාමණේර හිමියන්ට බරපතල ලිංගික අපයෝජන කරලා.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, September 2, 2014

කථිකාචාර්ය හිමිනම සාමණේර හිමියන්ට බරපතල ලිංගික අපයෝජන කරලා..

http://ift.tt/eA8V8J

වයස අවුරුදු 14ක සාමණේර හිමිනමකට වසරකට වැඩි කාලයක් තිස්සේ බරපතළ ලිංගික අපයෝජන කළ බවට චෝදනා ලැබ සිටින විශ්වවිද්‍යාල කථිකාචාර්යවරයෙකු වන අතුරුගිරිය පෝරේ ප‍්‍රදේශයේ විහාරස්ථානයක හිමිනමක අත්අඩංගුවට ගැනීම අතුරුගිරිය පොලීසිය මගින් පැහැර හරිමින් සිටින බවට චෝදනා එල්ල වී ඇත.

මෙම 14 වියැති සාමණේර හිමිනම තමන්ට ඇති වී තිබෙන මානසික පීඩනයට ප‍්‍රතිකාර ලබා ගැනීම සදහා පසුගිය 29 දා මුල්ලේරියාව මානසික රෝහලට ගොස් ඇති අතර එහිදී සාමණේර හිමියන් මුල්ලේරියාව මානසික රෝහලේ වෛද්‍යවරුන්ට පවසා ඇත්තේ තමා වැඩවසන විහාරස්ථානයේ හිමිනමක් වසරකට ආසන්න කාලයක් තිස්සේ නිරන්තරව තමාට විවිධ අස්වාභාවික බරපතළ ලිංගික අපයෝජන කරන බවය.



lanka C news

No comments:

Post a Comment

Post Bottom Ad