බැංකු හතක්, මූල්‍යායතන 22ක් ඒකාබද්ධයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, September 2, 2014

බැංකු හතක්, මූල්‍යායතන 22ක් ඒකාබද්ධයි

http://ift.tt/eA8V8J

ශ‍්‍රී ලංකා මහ බැංකුව විසින් මෙරට බැංකු හතක් හා බැංකු නොවන මූල්‍ය ආයතන විසි දෙකක් ඒකාබද්ධ කිරීමට අනුමැතිය ලබා දී තිබේ.

දැනටත් එම ඒකාබද්ධ කිරීම් දහයක කටයුතු සිදු වෙමින් තිබෙන බව ද මහ බැංකුව පවසයි.

ඒ් අනුව මූල්‍ය ආයතන හතක් හා එක් බැංකුවක් ඒකාබද්ධ කිරීමේ වැඩ කටයුතු අවසන් වෙමින් තිබෙන අතර ඉදිරියේ දී ඒ බව නිවේදනය කිරීමට නියමිතය.

එකිනෙකට සම්බන්ධිත මූල්‍ය ආයතන හා බැංකු ඒකාබද්ධ කිරීමට ශ‍්‍රී ලංකා මහ බැංකුව තීරණය කරනු ලැබුවේ මූල්‍ය ආයතනවල මූල්‍ය ස්ථාවරත්වය ශක්තිමත් කිරීම සඳහාය.

මෙම ඒකාබද්ධ කිරීම් පිළිබඳ සමීපව අධ්‍යයනය කරන බව ද ශ‍්‍රී ලංකා මහ බැංකුව වැඩිදුරටත් සඳහන් කරයි.



lanka C news

No comments:

Post a Comment

Post Bottom Ad