වේගෙන් තෙල් බාන්න ගෙනා නැවෙන් බොරතෙල් කඳුළක්වත් ගොඩබා නෑ - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, July 26, 2014

වේගෙන් තෙල් බාන්න ගෙනා නැවෙන් බොරතෙල් කඳුළක්වත් ගොඩබා නෑ

http://ift.tt/eA8V8J

තෙල් සංස්ථාව විසින් ඉක්මනින් බොරතෙල් ගොඩබෑමට යයි කියමින් සිංගප්පූරු සමාගමකින් බදු ක‍්‍රමය යටතේ ගෙන්වා ඇති නැව මගින් මෙතෙක් බොරතෙල් කඳුළක් හෝ ගොඩබෑමට කටයුතු කර නොමැති බවත්, එම නැව වෙනුවෙන් තෙල් සංස්ථාව දිනකට ඩොලර් 12,000ක මුදලක් ලබාදෙන බවත් ඛනිජ තෙල් ජාතික සේවක සංගමය පවසයි.

මෙම නැව ජූනි මස 12 වැනිදා ලබාගත්තේ නැවකින් නැවකට බොරතෙල් ගොඩබෑමේ ක‍්‍රමය ක‍්‍රියාත්මක කිරීමට බවත් පවසන එම සංගමයේ ලේකම් ආනන්ද පාලිත බොරතෙල් බෝයාව අක‍්‍රීය වීම නිසා තවමත් නිසි ලෙස බොරතෙල් ගොඩබෑමට නොහැකිවීමෙන් මැයි මස 21 වැනිදා මෙරටට පැමිණි බොරතෙල් නැව ඇතුළු නැව් තුනක් එම බෝයාව අසල නවතා තිබෙන බවද කීය.



lanka C news

No comments:

Post a Comment

Post Bottom Ad